
ජපානයට ද්විත්ව කාර්ය භාණ්ඩ අපනයනය සීමා කිරීමට චීනය පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය සඳහාන් කරයි.
එම භාණ්ඩ හමුදා කටයුතු සඳහා භාවිත කිරීමේ හැකියාව ඇති බැවින් ජපාන සමාගම් 20කට අපනයන සීමා පැනවූ බව චීනය ප්‍රකාශ කැර තිබේ. චීනයේ වාණිජ අමාත්‍යාංශය ගත් මේ තීරණය සම්බන්ධව ජපාන රජය දැඩි කනස්සල්ලට පත්වී ඇති බවත්, ඒ සඳහා විරෝධය පළ කැර ඇති බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.
ජපානයේ මෝටර් රථ නිෂ්පාදකයන් වන සුබාරු, ඛණිජ තෙල් සමාගමක් වන ඉනොයිස් සහ මිට්සුබිෂි උපාංග සමාගම ඇතුළු ආයතන 20ක් එම අපනයන සීමා ලැයිස්තුවට ඇතුළත් කළ බව චීන වාණිජ අමාත්‍යාංශය ප්‍රකාශ කැර ඇත.
චීන අපනයන සීමා හේතුවෙන් දෙරට අතර පසුගිය වසරේ අගභාගයේ සිට පවතින විරසකය තවදුරටත් ව්‍යාප්ත වනු ඇති බවත්, තවදුරටත් ජපානය සමඟ සම්බන්ධතා ගොඩ නඟා ගැනීමට චීනය සූදානම් නැති බවත් මෙමඟින් පෙන්නුම් කැර ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
පසුගිය මාස කිහිපය ඇතුළත චීන වෙරළාරක්ෂක යාත්‍රා ජපානයට අයත් සෙන්කාකු දූපත් වටා දෛනික යාත්‍රා කිරීම ඇතුළු සිදුවීම් ගණනාවක් ජපාන රජයේ දැඩි අවධානයට ලක්වුවද, සිය සමීපතම අසල්වැසි රාජ්‍යය ලෙස චීනය සමඟ සම්බන්ධතා ගොඩ නඟා ගැනීමට පියවර ගන්නා බව පසුගියදා එරට මැතිවරණයේ ජයග්රහණයෙන් පසු අගමැතිනිය සනායි ටකේචි ප්‍රකාශ කැර ඇත.(දිනමිණ ඇසුරෙන්)
