Impartial news reporting for a stronger democratic society
ජපන් අගමැතිනිය කට දොඩවන්න යෑමෙන් සංචාරක ව්‍යාපාරය කොට උඩ!

තම පුරවැසියන්ට ජපානයේ සංචාරය කිරීමෙන් වළකින ලෙස චීන රජය උපදෙස් නිකුත් කිරීමත් සමග ජපානය වෙත ගුවන් ගමන් විශාල සංඛ්‍යාවක් අවලංගු වී ඇති බව  සදහාන් වෙයි .

චීනයේ තායිවාන ප්‍රදේශය පිළිබඳ ජපන් අගමැතිනිය කළ වැරදි ප්‍රකාශයත් සමග  මෙම බලපෑම ජපානයේ සංචාරක කර්මාන්තය තුළ දැඩි අර්බුදයක් මතු  කිරීමට හේතු වී  තිබේ.

 ජපානයේ NHK මාධ්‍ය ආයතනය ඊයේ  (19) පළ කළ වාර්තාවකට අනුව, චීනයේ සිට ජපානය වෙත සූදානම් කර තිබූ කණ්ඩායම් සංචාර පුළුල් ලෙස අවලංගු කිරීම ජපානයේ ඇතැම් සංචාරක හෝටල්වල ආදායම ද සැලකිය යුතු ලෙස පහත වැටීමට හේතු වී තිබේ. විශේෂයෙන්ම මෙම කාලය ජපානයේ Hokkaido හි උණුසුම් සංචාරක සමය වාර්තා වන බැවින් එම ප්‍රදේශයේ හෝටල් හිමියන් ඉදිරි මාස කිහිපය තුළ සිය හෝටල් පවත්වා ගැනීම පිළිබඳව දැඩි කනස්සල්ලට පත්ව සිටින බව වාර්තා වේ.

දත්තවලට අනුව, පසුගිය ඔක්තෝබර් මාසයේදී ජපානයට පැමිණි සමස්ත විදේශීය සංචාරකයින්ගෙන් 18.4%ක් පමණ චීන මහගොඩබිමේ සංචාරකයින්ය. ජපානයට චීන සංචාරකයන්ගේ පැමිණීම පහත වැටීම ඉදිරි වසර තුළ එරට සංචාරක ආදායම ජපන් යෙන් ට්‍රිලියන 1.79කින් අඩු කළ හැකි බවත්, ජපානයේ දළ දේශීය නිෂ්පාදිතය ඉන් 0.29%කින් පහත වැටෙන බවත් ජපානයේ NRI පර්යේෂණ ආයතනය ප්‍රකාශ කැර ඇත.

Follow by Email
LinkedIn
Share
WhatsApp