Impartial news reporting for a stronger democratic society
චීන – වියට්නාම සබඳතාවල ඇති දේශපාලන ජීවගුණය ආරක්ෂා කරමු – වියට්නාම කොමියුනිස්ට් පක්ෂයේ මහ ලේකම්ට සුබ පතමින්, චීන ජනපති කියයි

චීනය සහ වියට්නාමය ඒකාබද්ධව ආධිපත්‍යවාදයට සහ කණ්ඩායම් ගැටුම්වලට  විරුද්ධව  එක් වී කටයුතු කළ යුතු බව චීන කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම් , ජනාධිපති ෂී ජීන්පින් පසුගිය සඳුදා (26)  ප්‍රකාශ කැර තිබේ.

ජනාධිපති ෂී ජින්පින් මේ බව ප්‍රකාශ කැර ඇත්තේ වියට්නාම කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම් වශයෙන් ටෝ ලැම් (To Lam) නැවත වරක් එම ධුරය සඳහා  තේරීපත් වීම පිළිබඳව සුබ පැතුම්  පිරිනමමින්ය.

චීන ජනාධිපති ෂී ජින්පින් සහ වියට්නාම කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම් ටෝ ලැම් අතර පැවැති දුරකථන සාකච්ඡාවේදී ෂී ජින්පින් තවදුරටත් මෙසේ ප්‍රකාශ කැර ඇත.

වියට්නාම කොමියුනිස්ට් පක්ෂයේ 14 වැනි ජාතික සම්මේලනය සාර්ථකව පැවැත්වීම ගැනත්, ටෝ ලැම් නැවත වරක් මහලේකම් ධුරයට පත් වීම  ගැනත් මම සතුටු වෙනවා.

ඔබේ නායකත්වයෙන් යුත්, වියට්නාම කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ නායකත්වය යටතේ 14 වන ජාතික සම්මේලනය නියම කර ගත් ඉලක්ක සහ කාර්යයන් නිසැකවම ඉටු කරනු ඇති බව අපගේ  විශ්වාසයයි.චීනය සහ වියට්නාමය ඔවුන්ගේ මාර්ගවල රැඳී සිටිය යුතු වෙනවා. කැපවීමෙහි වෙනසක් නැතිව, සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා එක්සත් වී සහයෝගයෙන් කටයුතු කළ යුතුව තිබෙනවා. දීප්තිමත් අනාගතයක් සඳහා එකට වැඩ කළ යුතුයි.

සියලු අතින්ම ශ්‍රේෂ්ඨ නූතන සමාජවාදී රටක් බවට ගොඩනැඟිමේ දෙවැනි සියවසේ ඉලක්කය සාක්ෂාත් කර ගැනීමට චීනය කටයුතු කරනවා. වියට්නාමය ද ජාතික සංවර්ධනයේ නව යුගයක සිටින බව අප පිළිගන්නවා. දෙපාර්ශ්වයම දැඩි  විශ්වාසයෙන් ඇලී සිටිය යුතුයි. සමාජවාදයේ අරමුණ ඒකාබද්ධව ආරක්ෂා කරන ගමන්, චීන – වියට්නාම සබඳතාවල දේශපාලන ජීවයගුණය  කැප  වීමෙන් ආරක්ෂා කළ යුතු වෙනවා.  

චීන පක්ෂ මධ්‍යම කාරක සභාවට ටෝ ලැම් මහතා ස්තූති කළ අතර, වියට්නාම කොමියුනිස්ට් පක්ෂයේ 14 වැනි ජාතික සම්මේලනය සාර්ථකව පැවැට්වීම  පිළිබඳව ෂී මහතා කළ සුබ පැතුම් සඳහා කෘතඥතාව පළ කර ඇත.

සමාජවාදී අසල්වැසියන් අතර මිත්‍රශීලී සහයෝගීතාව අඛණ්ඩව ගැඹුරු කරමින්, නව ගමනේදී චීනය සමඟ අත්වැල් බැඳගෙන කටයුතු කිරීමට වියට්නාමය කැමැත්තෙන් සිටිනවා. චීන සංවර්ධනය සැමවිටම වියට්නාමයේ සංවර්ධනය සඳහා ආශ්වාදයක් සහ වටිනා අත්දැකීම් ලබා දී  තිබෙනවා.

මානව වර්ගයා සඳහා පොදු අනාගතයක් සහිත ප්‍රජාවක් ගොඩනැඟීමේ දැක්ම, එක් තීරයක් එක් මාවතක් මුලපිරීම සහ ෂී විසින් යෝජනා කරන ලද ගෝලීය මුලපිරීම් හතරට වියට්නාමය දිගටම සහාය දක්වනවා.

චීනය සමඟ දේශපාලන අන්‍යෝන්‍ය විශ්වාසය ශක්තිමත් කිරීමට, රාජ්‍ය තාන්ත්‍රික කටයුතු, ජාතික ආරක්ෂාව සහ නීතිය ක්‍රියාත්මක කිරීමේදී සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීමට, විවිධ ක්ෂේත්‍රවල ප්‍රායෝගික සහයෝගීතාව ගැඹුරු කිරීමට, දෙරටේ ජනතාව අතර මිත්‍රත්වය වර්ධනය කිරීමට, සංකීර්ණ හා වෙනස්වන ජාත්‍යන්තර තත්ත්වයක් මධ්‍යයේ සම්බන්ධීකරණය වැඩි දියුණු කිරීමට, බහුපාර්ශ්විකත්වය ආරක්ෂා කිරීමට, ආරක්ෂණවාදයට විරුද්ධ වීමට සහ පොදු අනාගතයක් සහිත වියට්නාම්-චීන ප්‍රජාවක් ගොඩනැගීම ප්‍රවර්ධනය කිරීමට වියට්නාමය කැමැත්තෙන් සිටින බව ටූ ලැම්  වැඩි දුරටත් පවසා තිබේ.

Follow by Email
LinkedIn
Share
WhatsApp