Impartial news reporting for a stronger democratic society
චීන – ජපාන රාජ්‍ය­තා­න්ත්‍රික අර්බු­දයෙන් ඉන්දු -පැසි­ෆික් කලා­ප­ය අර්බුදයක

අග­මැ­තිනි සනායි ටකේෂි, තායි­වා­නය සම්බ­න්ධව සිදු කරනු ලැබූ ප්‍රකා­ශය මුල් කර­මින් ජපා­නය සහ චීනය අතර උද්ගත වූ රාජ්‍ය­තා­න්ත්‍රික විර­ස­කය හේතු­වෙන් ඉන්දු -පැසි­ෆික් කලා­පයේ ස්ථාව­ර­ත්ව­යට තර්ජ­න­යක් එල්ල වී ඇතැයි පිලි­පීන රජය ප්‍රකාශ කැර තිබේ.

එරට මාධ්‍ය සඳ­හන් කරන්නේ පසු­ගි­යදා ජපා­නයේ ඔකි­නාවා දූපත ආශ්‍රි­තව ජාත්‍ය­න්තර මුහු­දට ඉහ­ළින් පියා­සර කළ ජපාන හමුදා ගුවන් යාන­යක් ඉලක්ක කර­මින් චීනය රේඩාර් භාවිත කිරීම කලා­පීය අව­දා­නම උත්සන්න වීමට හේතු වනු ඇතැයි පිලි­පීන රජය අන­තුරු අඟවා ඇති බවය.

ඔකි­නාවා දූපත ආශ්‍රි­තව ජාත්‍ය­න්තර මුහුදේ ගුවන් කලා­ප­යේදී ජපාන හමුදා යානය නීත්‍යා­නු­කූල මෙහෙ­යු­මක් සිදු­කර ඇතැයි ද, චීනය ජාත්‍ය­න්තර නීති­යට පට­හැ­නිව එම ගුවන් යානය ඉලක්ක කර­මින් රේඩාර් පද්ධ­තිය ක්‍රියා­ත්මක කිරීමෙන් කලා­පය තුළ අනා­ර­ක්ෂිත තත්ත්ව­යක් උද්ගත වී ඇතැයි ද පිලි­පීන මාධ්‍ය වැඩි­දු­ර­ටත් සඳහාන් කරයි.

තායි­වා­න­යට එරෙ­හිව චීනය සිදු කරනු ලබන ඕනෑම හමුදා ක්‍රියා­මා­ර්ග­ය­කදී සාමු­හික ආර­ක්ෂාව උදෙසා ක්‍රියා­ත්මක විමට ජපා­න­යට හැකි බවට එරට අග­මැ­ති­නිය සනායි ටකේචි කළ ප්‍රකා­ශය හේතු­වෙන් මේ වන­විට දෙරට අතර වෙළෙඳ සහ සංචා­රක ක්ෂේත්‍ර දැඩි අර්බු­ද­ය­කට ලක් වී ඇතැයි ද වාර්තා වේ.

Follow by Email
LinkedIn
Share
WhatsApp