
2025 වසරේ නිකුත් කළ දත්තයන්ට අනුව, චීන ආර්ථිකය පිළිබඳව ඇති ගෝලීය විශ්වාසය තවත් ඉහළට ගොස් ඇතැයි අනාවණය වෙයි.
මෙම තත්ත්වයට මුලික වශයෙන් චීන ආර්ථිකයේ ස්ථාවරත්වය හා ප්රගතිශීලී සංවර්ධන ප්රවණතා හේතු වී ඇති බව දත්තයන්ගෙන් පැහැදිලි වෙයි.
චීන ආර්ථිකයේ ශක්තිමත් බව සහ ඔරොත්තු දීමේ හැකියාව පෙන්නුම් කැර ඇති බව ජාත්‍යන්තර මූල්‍ය ආයතන කිහිපයක් මෑතකදී ප්‍රකශ කැර ඇත. විශේෂයෙන් මෙම වසරේදී චීන අපනයන සහ පරිභෝජන ක්ෂේත්රවල සංවර්ධනයට වැඩි නැඹුරුවක් දක්වා තිබේ.
Goldman Sachs සමාගම සිය නවතම වාර්තාවෙන් පෙන්වා දී ඇත්තේ චීනයේ අපනයන “පිරිවැය මත පදනම් වූ” තත්ත්වයේ සිට “තාක්ෂණය සහ සැපයුම් දාමයේ කාර්යක්ෂමතාව මත පදනම් වූ” තත්ත්වයට පත්ව ඇති බවයි. චීනය නව ගුණාත්මක ඵලදායීතා ක්ෂේත්රය තුළ වෙනස් කළ නොහැකි ගෝලීය නිෂ්පාදන ධාරිතා පොකුරක් ස්ථාපිත කැර ඇති බව එම සමාගම පවසයි.
චීනයේ අපනයන ඉතා තරඟකාරී බවත්, අපනයන නිෂ්පාදන ව්‍යුහය ප්‍රශස්තකරණය සහ වැඩිදියුණු කිරීම තවමත් සිදුවෙමින් පවතින බවත් ස්විට්සර්ලන්තයේ එක්සත් බැංකුව කියා සිටී.
චීන ව්‍යවසායන්හි අඛණ්ඩ නවෝත්පාදන හැකියාවන් සහ ප්‍රතිපත්ති නිවැරදිව ක්‍රියාත්මක කිරීම චීන වත්කම්වල ගෝලීය ආකර්ෂණය තවදුරටත් වර්ධනයට හේතුවී තිබේ. 2026 වසරේදී චීන වත්කම් විශාල ප්‍රමාණයක් හෝ අධික ප්‍රමාණයක් තමන් සතුව තබා ගන්නා බව විදේශ ආයෝජන ආයතන රැසක් ද ප්‍රකාශ කැර තිබේ.
