
චීනය සමඟ කුමනාකාරයෙන් හෝ වෙළෙඳ ගිවිසුම්වලට එළඹුණහොත් කැනඩාවට 100%ක දැවැන්ත වෙළෙඳ තීරුබදු පනවන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා තිබේ.
සිය Truth Social ගිණුමේ සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපතිවරයා මේ බව පවසා ඇත.
කැනඩාව, චීනය සමඟ ගිවිසුම්වලට එළඹුනහොත් එය , අමෙරිකාවේ ආරක්ෂාවට සහ ආර්ථිකයට තර්ජනයක් එල්ල විය හැකි බව ට්‍රම්ප් පවසයි.
කැනඩාවේ ව්‍යාපාරික ක්ෂේත්‍රය, සමාජ ව්‍යුහය සහ පොදු ජන ජීවිතය මේ වන විට චීනය සම්පූර්ණයෙන්ම ගිලගනු ඇති බව ඔහු දැඩිව ප්‍රකාශ කැර ඇත.
ඒ අනුව, යම් හෙයකින් කැනඩාව සහ චීනය අතර වෙළෙඳ ගනුදෙනුවක් සිදුවුවහොත්, අමෙරිකාවට ඇතුළු වන සියලුම කැනේඩියානු නිෂ්පාදන සඳහා 100%ක බදු පැනවීමට පියවර ගන්නා බව ට්‍රම්ප් වැඩිදුරටත් අවධාරණය කැර තිබේ.
