
චීනය සමඟ රාජ්‍යතාන්ත්‍රික සබඳතා පවත්වන අප්‍රිකාවේ රටවල් 53කට ආනයන තීරුබදු අහෝසි කිරීමට චීන රජය තීරණය කැර ඇත.
චීන රජයේ මාධ්‍ය උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය සඳහන් කැර ඇත්තේ ආනයනික තීරුබදු ශුන්‍ය කිරීම ලබන මැයි මස 1 වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිත බවයි. චීනය දැනටමත් අප්‍රිකානු රටවල් 33කට ආනයනික තීරුබදු ඉවත් කැර ඇති බවත්, සෙසු රටවල ආනයනික තීරුබදු ඉවත් කිරීම ලබන මැයි මස ක්‍රියාත්මක වීමත් සමඟ සමස්ත අප්‍රිකානු කලාපයේ සියලු රටවල ආනයනික තීරුබදු ශුන්‍ය වනු ඇති බවත් රොයිටර් පුවත් සේවය වැඩිදුරටත් සඳහාන් කෙළේය.
අප්‍රිකානු රටවල් සමඟ ද්විපාර්ශ්වික වෙළෙඳ ගනුදෙනු රැසක් සිදු කරන චීනය එම රටවල ආනයනික තීරුබදු ඉවත් කිරීමෙන් අප්‍රිකානු වෙළෙඳ පොළට ප්රවේශවීමේ වැඩි අවස්ථාවක් ලබාගනු ඇති අතර, චීනයේ අපනයන ආර්ථිකය ඉහළ නැංවීමට එය ඉවහල් වනු ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
