
චීනයේ සිට ඉරානය බලා යාත්‍රා කරමින් තිබූ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් අමෙරිකානු හමුදාව වටලනු ලැබූ බව අමෙරිකාවේ වෝල් ස්ට්‍රීට් ජර්නල් , උපුටා දක්වමින් අල් ජසීරා පුවත් සේවය සඳහන් කැර තිබේ.
එය ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වඩාත් ආක්‍රමණශීලී සමුද්‍රීය උපක්‍රම භාවිත කිරීමක් බව ද වෝල් ස්ට්‍රීට් පුවත් සේවය සඳහන් කැර තිබේ. ශ්‍රී ලංකාවේ මුහුදු සීමාවේ සිට සැතපුම් සිය ගණනාවක් දුරින් එම වැටලීම සිදු කර ඇති අතර, වසර ගණනාවකට පසු චීනයේ සිට ඉරානය බලා යාත්‍රා කළ භාණ්ඩ නෞකාවක් අමෙරිකානු හමුදාවෙන් වටලනු ලැබූ පළමු අවස්ථාව එය බව ද අල් ජසීරා පුවත් සේවය වැඩිදුරටත් සඳහාන් කරයි.
චීන භාණ්ඩ නෞකාවේ වැටලීම සිදු කර ඇත්තේ වෙනිසියුලාවේ වෙරළට ඔබ්බෙන් තෙල් නෞකාවක් අත්අඩංගුවට ගැනීමට සති කිහිපයකට පෙරයි. මේ අතර චීන නෞකාවේ සිදුවීම තහවුරු කරමින් නිව්යෝර්ක් ටයිම්ස් පුවත් සේවය සඳහන් කැර ඇත්තේ එම භාණ්ඩ නෞකාව අමෙරිකානු හමුදාව විසින් වටලනු ලැබුවේ ඉරානයේ නැවත ආයුධ ගබඩාවක් ගොඩනැඟීම වැළැක්වීමට බවයි. ඉරානය සහ ඊශ්‍රායලය අතර නැවත යුද ගැටුමක් සිදුවනු ඇතැයි අමෙරිකාව බිය පළ කැර ඇතැයි ද එහි සඳහන් කැර තිබේ.
