
චීනයේ පැරැණි මිථ්‍යා චරිත ඇසුරින් නව තාක්ෂණය ඔස්සේ නිර්මාණය කළ ඇනිමේෂන් චිත්‍රපට ත්‍රිත්වයක් මේ වසරේදී යුවාන් බිලියන 25ක (අමෙරිකානු ඩොලර් බිලියන 3.5ක) ආදායමක් උපයා ගැනීමට සමත් වී ඇතැයි එරට මාධ්‍ය සඳහාන් කරයි.
අන්තර්ජාල දත්තවලට අනුව එරට ඉතිහාසයේ ඇනිමේෂන් චිත්‍රපට ලැබූ ඉහළම ආදායම මෙය බව ද චීන මාධ්‍ය වැඩිදුරටත් සඳහාන් කරයි.
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත්වූ Ne Zha 2 චිත්‍රපටය පළමු ස්ථානයට පත්වී ඇති අතර, Zootopia 2 සහ Nobody චිත්‍රපට පිළිවෙළින් දෙවැනි හා තුන්වැනි ස්ථාන ලබා ඇති බව සඳහාන්ය.
(දිනමිණ ඇසුරෙන්)
