
තුර්කියේ සිටින උයිගර් ජාතිකයන්ව ත්‍රස්තවාදී චෝදනා යටතේ අත්අඩංගුවට ගැනීම් සහ පිටුවහල් කිරීම් ආරම්භ කැර ඇතැයි විදෙස් මාධ්‍ය අනාවරණය කරයි.
මෙම උයිගර් මුස්ලිම් ප්‍රජාව දශක ගණනාවක සිට චීනයෙන් පළා ගොස් තුර්කි රජයේ සරණාගතභාවය ලබා ගෙන එරට පදිංචි වී සිටි සඳහාන්ය.
පසුගිය සති කිහිපයක සිට තුර්කි ආරක්ෂක අංශ උයිගර් ජාතික පිරිමින් ,කාන්තාවන් සහ දරුවන් දෛනිකව අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරති.
අයිඑස් ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයන් රඳවා තබා ප්‍රශ්න කරන බව ද සඳහාන් වෙයි. පසුගිය දෙසැම්බර්යේ අගභාගයේදී සිදු කළ වැටලීම්වලින් වසර දහයකට වැඩි කාලයක් එරට ජීවත්වන උයිගර් ජාතිකයන් විශාල පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවත්, පසුව මානව හිමිකම් සංවිධාන සිදුකළ උද්ඝෝෂණ හේතුවෙන් නිදහස් කැර ඇති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

