
ටොන් 7ක් බර ඇති ස්ථාවර පියාපත් සහිත ප්‍රවාහන ඩ්‍රෝන යානාවක් වන Changying-8 හී ( NORINCO LUCA) මංගල පියසැරිය අද (31) පෙරවරුවේ චීනයේ Zhengzhou නගරයේ Shangjie ගුවන් තොටු පොළේ දී සාර්ථකව සිදු කෙරිණ.
එම භාණ්ඩ ප්‍රවාහන ඩ්‍රෝන යානාව චීනයේ Norinco සමූහය ට අයත් Changying ඩ්‍රෝන යානා තාක්ෂණ සමාගම ස්වයං ලෙස පර්යේෂණ කැර නිපදවා තිබේ.
” බර ගුවන් ට්‍රක් රථය” ලෙසින් හැඳින්වෙන අතර , චීන තාක්ෂණයේ වැදගත් ජයග්‍රහණයක් සනිටුහන් කෙරේ.
ඝන මීටර් 18 ක් විශාල භාණ්ඩ ගබඩාවක් සහිත එම ඩ්‍රෝන යානාව ගුවන්ගත කිරීමේ බර ටොන් 7 කි. එම ඩ්‍රෝන යානාව ට උපරිම වශයෙන් භාණ්ඩ ටොන් 3.5 ක රැගෙන ගමන් කළ හැකිය. එය සාම්ප්‍රදායික භාණ්ඩ, නැවුම් සීතල දාම සැපයුම් සහ හදිසි උපකරණ වැනි විවිධ අවශ්‍යතාවන් සපුරාලීමේ හැකියාවෙන් යුතුය.

යානයට ගමන් කළ හැකි උපරිම දුර ප්‍රමාණය කිලෝමීටර් 3,000 කට අධිකය.දුරස්ථ භාණ්ඩ ප්‍රවාහන, හදිසි ආපදා ද්‍රව්‍ය බෙදාහැරීම, අන්තර් දේශසීමා භාණ්ඩ සැපයීම, සංකීර්ණ භූ කලාප මෙහෙයුම් යන ක්ෂේත්‍රවල එම ඩ්‍රෝනා යානාව භාවිත කිරීමේ හැකියාව පැවතී.
