Impartial news reporting for a stronger democratic society
චිනය, රුසි­යාව, ඉරා­නය සහ කියු­බාව සමඟ සම්බන්ධතා බැහැ ! බොර­තෙල් බැරල් මිලි­යන 50ක් අපිට ඔිනෑ – ට්‍රම්ප් වෙනිසියුලාවට කියයි

උසස් තත්ත්වයේ බොර­තෙල් බැරල් මිලි­යන 30ත් – 50ත් අතර ප්‍රමා­ණ­යක් අමෙ­රි­කා­වට ලබා­ දිය යුතු බව ඩොනල්ඩ් ට්‍රම්ප්  වෙනි­සි­යු­ලාවේ අන්තර්වාර ආණ්ඩුවට දන්වා ඇතැයි මාධ්‍ය සඳහාන් කරයි.

එම බොර­තෙල් වෙළෙ­ඳ­පොළේ පව­තින මිලට අලෙවි කැර එහි ආදා­යම වෙනි­සි­යු­ලාවේ සහ අමෙ­රි­කාවේ ජන­තා­වගේ යහ­පත සඳහා යොද­වන බවත් ට්‍රම්ප් ටෘත් සමාජ මාධ්‍ය ජාලයේ සඳ­හන් කැර තිබේ. එම කට­යුතු සිය පාල­නය යටතේ සිදු ­ක­රන බවත්, ඉදිරි මාස 18ක කාල­සී­මා­ව­කදී වෙනි­සි­යු­ලාවේ තෙල් වෙළෙ­ඳාම අමෙ­රි­කාව සතුව වන බව ජනා­ධි­පති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කැර ඇතැයි විදෙස් මාධ්‍ය කියයි.

එසේම චිනය, රුසි­යාව, ඉරා­නය සහ කියු­බාව සමඟ පව­තින ආර්ථික සම්බ­න්ධතා නව­ත්වන ලෙසට ද අමෙ­රි­කානු ජනා­ධි­ප­ති­ව­රයා වෙනි­සි­යු­ලාවේ අන්ත­ර්වාර  ආණ්ඩුවට දැනුම් දී ඇති අතර, එම රට­ව­ලට බොර­තෙල් අලෙවි කිරී­මෙන් වළ­කින ලෙසට අන­තුරු අඟවා ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳ­හන් කරයි.

වෙනි­සි­යු­ලාව සමඟ දිගු­කා­ලීන සම්බ­න්ධතා පව­තින චීනය එරට විශා­ල­තම බොර­තෙල් ගැනු­ම්කරු ද වන අතර, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රකා­ශය සම්බ­න්ධ­යෙන් මෙතෙක් ප්‍රති­චාර දක්වා නැතැයි ද සඳහාන් වේ. අමෙ­රි­කාව පන­වනු ලැබූ සම්බා­ධක හේතු­වෙන් වෙනි­සි­යු­ලාවේ බොර­තෙල් වෙළෙ­ඳාම මේ වන විට දැඩි අර්බු­ද­ය­කට ලක්වී ඇති අතර, තව­දු­ර­ටත් බොර­තෙල් නිෂ්පා­ද­නය කිරීම දුෂ්කර වී ඇති බැවින් පසු­ගිය දෙසැ­ම්බ­රයේ සිට බොර­තෙල් ළිං වසා දැමීම ආරම්භ කැර තිබූ බව ද  අනාවරණය වෙයි.

Follow by Email
LinkedIn
Share
WhatsApp