Impartial news reporting for a stronger democratic society
ගෝවේ රාත්‍රී සමාජ ශාලාවක ගින්නකින් 23 මිය යයි

ඉන්දියාවේ ගෝවා ප්‍රදේශයේ  රාත්‍රී සමාජ ශාලාවක ඇති වූ ගින්නකින් පුද්ගලයන් 23 දෙනෙකු පමණ මිය ගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇතැයි ඉන්දීය මාධ්‍ය  සඳහාන් කැර තිබේ.

ඊයේ (06) මධ්‍යම රාත්‍රීයේ පමණ මෙම ගින්න හටගත් බව ගෝවා පොලිසිය සඳහාන් කරයි.

මියගිය පිරිස අතර බහුතරයක් සමාජ ශාලාවේ කාර්ය මණ්ඩලය බවත්, කිහිප දෙනෙකු එම සමාජ ශාලාවට පැමිණි සංචාරකයන් බවත්  පොලිසිය කියයි.

ගින්න හටගත් අවස්ථාවේ දී එහි විශාල පිරිසක් සිටි ඇති අතර ගින්න ඇති වීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවද මාධ්‍ය  පෙන්වා දෙයි.

තත්ත්වය පාලනය කිරීම සඳහා ඉන්දීය පොලිස් බලධාරීන් සහ ගිනි නිවන කණ්ඩායම් ඊයේ රාත්‍රිය පුරාම උත්සහ දරා ඇත. ඉන්දියාවේ බටහිර වෙරළ තීරයේ පිහිටි කුඩා ප්‍රදේශයක් වන ගෝවා, සෑම වසරකම මිලියන ගණනක් සංචාරකයින් ආකර්ෂණය කර ගන්නා ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් බව සඳහාන්ය.ගින්න පිළිබඳව ගෝව පොලිසිය විමර්ශන පවත්වයි.

Follow by Email
LinkedIn
Share
WhatsApp