Impartial news reporting for a stronger democratic society
ගොවිබිම් ගිනි තැබීමෙන් නව­දි­ල්ලිය අඳුරු වෙයි ! ගුවන් ගමන්වාර 68ක් අව­ලංගුයි

උග්‍ර වායු දුෂ­ණය හේතු­වෙන්  මේ දිනවල උදෑ­සන නව­දි­ල්ලි නුවරට අධික මීදු­මක් ඇති බැවින් ගුවන් ගමන් වාර 68ක් අව­ලංගු කිරී­මට සිදුවී ඇතැයි ඉන්ඩියා ටුඩේ පුවත් සේවය සඳහාන්  කරයි.

 දැඩි මීදුම් තත්ත්වය හේතුවෙන් නග­රය පුරා දුම්රිය ඇතුළු ගම­නා­ග­ම­නය ද අඩාල කර ඇති අතර, ඉන්දීය කාල­ගුණ විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුව සෞඛ්‍ය තත්ත්වය සැල­කි­ල්ලට ගෙන නිවා­ස­ව­ලින් බැහැ­ර­වීම සීමා කරන ලෙස අන­තුරු අඟවා ඇතැයි ද සඳහාන් වේ. ඊයේ උදෑ­සන නව­දි­ල්ලියේ උෂ්ණ­ත්වය සෙල්සි­යස් අංශක 12 දක්වා පහළ වැටුණු බව ද ඉන්ඩියා ටුඩේ පුවත් සේවය වැඩි­දු­ර­ටත්  සඳහාන් කැර ඇත.

නව­දිල්ලි නග­රයේ වායු ගුණා­ත්මක දර්ශ­කය ඉතා බර­ප­තළ ලෙස ඉහළ ගොස් ඇති අතර, අශෝක් විහාර් ප්‍රදේ­ශයේ වායු ගුණා­ත්ම­ක­තාව 500ක අග­යක් සට­හන්  වී ඇත. ජාත්‍ය­න්තර වායු ගුණා­ත්මක දර්ශ­ක­යට අනුව 200 අගය ඉක්ම­වන අව­ස්ථාව අති­ශය දරුණු තත්ත්ව­යක් ලෙස සැල­කෙන අතර, එවැනි අව­ස්ථා­වක එළි­ම­හන් ක්‍රියා­කා­ර­ක­ම්ව­ලින් වැළකී සිටිය යුතු බවට ගෝලීය ප්‍රජා­වට උප­දෙස් ලබා දී තිබේ.

මෙම වායු දුෂණය සෑම වසරකම මෙන් මෙවරත්  පවතින අතර, ගොයම් කැපීමෙන් පසු ඉන්දීය ගොවියන් පිදුරු පුළුස්වා දැමීමෙන් මෙම තත්ත්වය ඇති වන බව කාලගුණ අංශ පෙන්වා දෙයි.