Impartial news reporting for a stronger democratic society
ගොවිබිම් ගිනි තැබීමෙන් නව­දි­ල්ලිය අඳුරු වෙයි ! ගුවන් ගමන්වාර 68ක් අව­ලංගුයි

උග්‍ර වායු දුෂ­ණය හේතු­වෙන්  මේ දිනවල උදෑ­සන නව­දි­ල්ලි නුවරට අධික මීදු­මක් ඇති බැවින් ගුවන් ගමන් වාර 68ක් අව­ලංගු කිරී­මට සිදුවී ඇතැයි ඉන්ඩියා ටුඩේ පුවත් සේවය සඳහාන්  කරයි.

 දැඩි මීදුම් තත්ත්වය හේතුවෙන් නග­රය පුරා දුම්රිය ඇතුළු ගම­නා­ග­ම­නය ද අඩාල කර ඇති අතර, ඉන්දීය කාල­ගුණ විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුව සෞඛ්‍ය තත්ත්වය සැල­කි­ල්ලට ගෙන නිවා­ස­ව­ලින් බැහැ­ර­වීම සීමා කරන ලෙස අන­තුරු අඟවා ඇතැයි ද සඳහාන් වේ. ඊයේ උදෑ­සන නව­දි­ල්ලියේ උෂ්ණ­ත්වය සෙල්සි­යස් අංශක 12 දක්වා පහළ වැටුණු බව ද ඉන්ඩියා ටුඩේ පුවත් සේවය වැඩි­දු­ර­ටත්  සඳහාන් කැර ඇත.

නව­දිල්ලි නග­රයේ වායු ගුණා­ත්මක දර්ශ­කය ඉතා බර­ප­තළ ලෙස ඉහළ ගොස් ඇති අතර, අශෝක් විහාර් ප්‍රදේ­ශයේ වායු ගුණා­ත්ම­ක­තාව 500ක අග­යක් සට­හන්  වී ඇත. ජාත්‍ය­න්තර වායු ගුණා­ත්මක දර්ශ­ක­යට අනුව 200 අගය ඉක්ම­වන අව­ස්ථාව අති­ශය දරුණු තත්ත්ව­යක් ලෙස සැල­කෙන අතර, එවැනි අව­ස්ථා­වක එළි­ම­හන් ක්‍රියා­කා­ර­ක­ම්ව­ලින් වැළකී සිටිය යුතු බවට ගෝලීය ප්‍රජා­වට උප­දෙස් ලබා දී තිබේ.

මෙම වායු දුෂණය සෑම වසරකම මෙන් මෙවරත්  පවතින අතර, ගොයම් කැපීමෙන් පසු ඉන්දීය ගොවියන් පිදුරු පුළුස්වා දැමීමෙන් මෙම තත්ත්වය ඇති වන බව කාලගුණ අංශ පෙන්වා දෙයි.

Follow by Email
LinkedIn
Share
WhatsApp