Impartial news reporting for a stronger democratic society
ගෑස් කාන්දුවක් හේතුවෙන් ඉරානයේ බන්ඩාර් අබ්බාස් වරායේ විශාල පිපිරීමක්

දකුණු ඉරාන බන්ඩාර් අබ්බාස් වරායේ ඊයේ (31) සිදු වූ පිපිරීමකින්  කුඩා දරුවකු මිය ගොස් 14 දෙනකු තුවාල ලබා ඇතැයි ප්‍රාදේශීය ගිනි නිවන ප්‍රධානියා Cyber World Press විශේෂ නියෝජිතට පවසා ඇත.

නමුත්,විදේශ මාධ්‍යය සඳහාන් කරන්නේ මෙම පිපිරීමෙන් විශාල පිරිසක් ගොස් ,500කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි.

ඉරාන විප්ලවවාදී ආරක්ෂක නාවික හමුදාවේ අණදෙන නිලධාරියකු ඉලක්ක කැර  මෙම පිපිරීම සිදු  කැර ඇති බවට සමාජ මාධ්‍යය ඔස්සේ ප්‍රචාරය වන තොරතුරු  “සම්පූර්ණයෙන්ම අසත්‍ය” බව අර්ධ නිල තස්නිම් ප්‍රවෘත්ති ඒජන්සිය Cyber World Press  නියෝජිතට පවසා තිබේ.

පිපිරීම විමර්ශනය කරමින් පවතින බව ඉරාන මාධ්‍ය පවසන අතර , ප්‍රාදේශීය ගිනි නිවන ප්‍රධානියාට  කියා සිටින්නේ  මෙම පිපිරීම ගෑස් කාන්දුවක් නිසා   සිදු වු බවයි.

” බන්ඩර් අබ්බාස් හි මෙම පිපිරීමෙන් ” අවුරුදු හතරක ගැහැණු ළමයකු මිය ගොස් තවත්  පුද්ගලයන් 14 දෙනෙකු රෝහල් ගත කැර ඇති බව බන්ඩාර් අබ්බාස් අගනුවර වන හෝර්මොස්ගන් පළාතේ අර්බුද කළමනාකරණ අධ්‍යක්ෂ ජනරාල් මෙහ්ර්දාඩ් හසන්සාදී මෙහ්ර් ප්‍රවෘත්ති ඒජන්සියට  පවසා ඇත.

 මෙම පිපිරීම පිටුපස  ඊශ්‍රායල සම්බන්ධයක් හෝ වෙනත් කඩාකප්පල්කාරී පිරිසක්  සිටි ද යන්න සොවීමට විමර්ශන ආරම්භ කැර ඇත.  

Follow by Email
LinkedIn
Share
WhatsApp