
පාසල් පන්ති කාමර තුළ සිදු කෙරෙන කාන්තා විරෝධී ක්‍රියා හඳුනා ගනිමින් ඒවාට මුහුණ දීම සඳහා ගුරුවරුන්ට පුහුණුවක් ලබා දීමේ වැඩපිළිවෙලක් එංගලන්තයේ සහ වේල්සයේ බලධාරීන් ප්‍රකාශයට පත්කැර ඇත. මෙය එක රටකට පමණක් නොව ලෝකයේ බොහෝ තැන්වල අදත් බහුලව දක්නට ලැබෙන අසාධාරණයකට සහ අපචාරයකට එරෙහිව පියවර ගැනීමේ පුරෝගාමී වැඩසටහනක් වී ඇත.
එංගලන්තයේ සහ වේල්සයේ බලධාරීන්ගේ සැලසුම වී තිබෙන්නේ ආණ්ඩුවේ උපාය මාර්ගික වැඩ සටහනක කොටසක් ලෙස ඉදිරි දශකය තුළ කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට එරෙහි ප්‍රචණ්ඩත්වය අඩකින් අඩු කිරීම සඳහා අවදානම් සහිත යැයි සැලකෙන සිසුන් හැසිරීම ප්‍රගුණ කිරීමේ පාඨමාලා සඳහා යොමු කරනු ලැබීමය.
කාන්තාවන් නුරුස්නාභාවය (misogyny) පුරුෂ පක්ෂයේ ඇතැම් පුද්ගලයන් අතර දක්නට ලැබෙන මනෝභාවයකි.
මනෝ විද්‍යාඥයන් සහ සමාජ විද්‍යාඥයන් විසින් ‘ස්ත්‍රී විරෝධය’ යන වචනයෙන් හඳුන්වනු ලබන එම චරිත ලක්ෂණය කාන්තාවන් සහ ගැහැණු ළමයින් කෙරෙහි ඇති අකමැත්ත, අගතිය, ද්වේෂය හෝ පිළිකුල මඟින් සංලක්ෂිත ලිංගිකත්වයේ ආකාරයකි. එම මනෝභාවය කාන්තාවන් වෙනස් කොට සැලකීම සහ ඔවුන් පිරිමින්ට වඩා පහත් ලෙස නිරූපණය කරන සෘණාත්මක හැසිරීම් සහ ආකල්ප හෝ ආයතනික භාවිතයන් ලෙස ප්‍රකාශයට පත්විය හැකිය.එපමණක් නොව, ස්ත්‍රී විරෝධී හැසිරීම් රටාවට කාන්තාවන්ට එරෙහිව එල්ල කෙරෙන අපහාසාත්මක භාෂාව, හිරිහැර කිරීම හෝ ප්‍රචණ්ඩත්වය ඇතුළු වාචික සහ ශාරීරික අපයෝජන ද ඇතුළත් විය හැකිය.
මෙහි තවත් පැත්තක් වන්නේ ස්ත්‍රී විරෝධය වෛරයෙන් ඔබ්බට ද විහිදයාමය.එවැනි අවස්ථාවන්හිදී ස්ත්‍රී විරෝධය සහිත පුද්ගලයන් විසින් කාන්තාවන් අඩු සමාජ තත්වයක් ඇති බව සහතික කිරීම සඳහා යටත් තනතුරුවලට තල්ලු කරමින් පුද්ගල අසමානතාවයන් ද පවත්වා ගනු ලැබීමට ඉඩකඩ ඇත. එමගින් සමාජයේ අසාධාරණ බල අසමතුලිතතාවයක් ගොඩ නැගෙන අතර එය පුරුෂාධිපත්‍යය තහවුරු කෙරෙන නොනිල ක්‍රියාමාර්ගයක් බවට පත් වෙයි.
ස්ත්‍රී විරෝධය වසර දහස් ගණනක් තිස්සේ පවතින අතර, කාන්තාවන්ගේ අයිතිවාසිකම් සහ අවස්ථා සීමා කරන සංස්කෘතික භාවිතයන්, සම්ප්‍රදායන් සහ සමාජ අපේක්ෂාවන් තුළ එම හැසිරීම අන්තර්ගත වෙයි.එය පද්ධතිමය වෙනස්කම් කිරීමේ හැසිරීමක් වන අතර රැකියා, සෞඛ්‍ය සේවා, ප්‍රතිපත්ති, නායකත්ව භූමිකාවන්, අධ්‍යාපනය සහ ප්‍රජනන අයිතිවාසිකම් ඇතුළු සමාජයේ බොහෝ ක්ෂේත්‍රවල සොයාගත හැකිය. ස්ත්‍රී විරෝධය ප්‍රධාන වශයෙන් කාන්තාවන් ඉලක්ක කරන අතර, එය අසමානතාවය පවත්වා ගෙන යෑමෙන් සහ සමාජ ප්‍රගතිය සීමා කිරීමෙන් සෑම කෙනකුටම අහිතකර ලෙස බලපායි.
කාන්තාවන්ට එරෙහි හිංසනය ඉක්මණින් පිළියම් යෙදිය යුතු හදිසි අවශ්‍යතාවක් ලෙස තේරුම් ගනිමින් එංගලන්තයේ සහ වේල්සයේ බලධාරීන් මෙම වැඩ පිළිවෙළක් ප්‍රකාශයට පත්කර තිබෙන්නේ එමඟින් මුහුණදීමට සිදුවෙන සමාජ ව්‍යසනය තේරුම් ගනිමිනි.
මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරන, බ්‍රිතාන්‍ය අගමැති ශ්‍රීමත් කීර් ස්ටාර්මර් සෑම දෙමව්පියකුටම තම දියණිය පාසලේදී, අන්තර්ජාලය තුළ සහ ඇගේ සබඳතාවලදී ආරක්ෂිත බව විශ්වාස කිරීමට හැකි පරිසරයක් සහතික කළ යුතුව ඇතැයි සඳහන් කෙළේය. තවදුරටත් අදහස් දක්වමින් අගමැතිවරයා සඳහන් කෙළේ, ”බොහෝ විට, නපුරු විෂම අදහස් ක්‍රියාත්මක වන අතර ඒවා සමාජ අභියෝගයට ලක් නොවී පවතින” බවයි.
“මෙම කාරණය සම්බන්ධයෙන් රජය ඉක්මන් පියවර ගනිමින් ඇත. තත්ත්වය හඳුනා ගැනීමට සහ පාලනය කිරීම සඳහා ගුරුවරුන්ට සහාය වීම, ස්ත්‍රී ද්‍රෝහීත්වයට අදාළ කතාබහ සහ ඔවුන්ට අනතුරු ඇඟවීමේ සංඥා පෙනෙන විට එය ආරම්භ වීමට පෙර ම හානිය නැවැත්වීමට බලධාරීන් මැදිහත් වනු ඇතැයි” බ්‍රිතාන්‍ය අගමැතිවරයා සඳහන් කෙළේය.
කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට එරෙහි ආරක්ෂාව සහ ප්‍රචණ්ඩත්වය පිළිබඳ බ්‍රිතාන්‍ය ආරක්ෂණ ඇමැතිනී ජෙස් පිලිප්ස් අදහස් දක්වමින්, කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට එරෙහි හිංසනය විග්‍රහ කරන ලද්දේ ” ජාතික හදිසි අවස්ථාවක් ” හැටියටය. තවදුරටත් ඇමැතිවරිය “එම සංස්කෘතිය වෙනස් කරනු ලැබීම” රජයේ අරමුණ බව කියා සිටියාය.
“අපේක්ෂිත ක්‍රියාමාර්ගයන් සියල්ල මඟින් බලාපොරොත්තු වන්නේ ගැහැණු ළමුන්ට සහ කාන්තාවන්ට එරෙහි සියලුම ආකාරයේ හැසිරීම් භයානක සංඛ්‍යා දක්වා වර්ධනය වීම වැළැක්වීමට උත්සාහ කිරීම” යැයි ද අවධාරණය කළාය.
ස්ත්‍රී විරෝධය (misogyny) යනු කාන්තාවන්ට හෝ ගැහැණු ළමයින්ට එරෙහි වෛරය, අවඥාව හෝ අගතියයි. එය කාන්තාවන් පිරිමින්ට වඩා පහත් සමාජ තත්ත්වයක තබා ගත හැකි ලිංගිකත්වයේ ආකාරයකි. එමඟින් පීතෘ මූලිකත්වයේ සමාජ භූමිකාවන් පවත්වා ගනී. ස්ත්‍රී විරෝධය වසර දහස් ගණනක් තිස්සේ බහුලව ක්‍රියාත්මක වී ඇත. එය ලොව පුරා කලාව, සාහිත්‍යය, මානව සමාජ ව්‍යුහය, ඓතිහාසික සිදුවීම්, මිථ්‍යා කථා, දර්ශනය සහ ආගම් තුළ පිළිබිඹු කෙරෙන්නකි.
ස්ත්‍රී විරෝධයට උදාහරණයක් වශයන් කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය දැක්විය හැකිය. එයට ගෘහස්ථ හිංසනය සහ එහි වඩාත්ම ආන්තික ආකාරය වන ස්ත්‍රී විරෝධී ප්‍රචණ්ඩත්වය සහ ස්ත්‍රී ඝාතනය ඇතුළත් වෙයි. ස්ත්‍රී විරෝධය බොහෝ විට ක්‍රියාත්මක වන්නේ කාන්තාවන් පාලනය කිරීම අරමුණු කරගත් ලිංගික හිරිහැර, බලහත්කාරය සහ ශිල්පීය උපක්‍රම මඟින් කාන්තාවන් සම්පූර්ණ පුරවැසිභාවයෙන් නීත්‍යානුකූලව හෝ සමාජීය වශයෙන් බැහැර කිරීමෙනි.
එම සමාජ දැක්ම සහ හැසිරීම මැඩලීම සඳහා ඒ ඒ රාජ්‍ය මට්ටමින් ව්‍යවස්ථාපිත විධිවිධාන ඇති අතරම, ඊට අතිරේකව ජාත්‍යන්තර වශයෙන් ඇති කැර ගන්නා ලද බැඳීම් පවතින නමුත්, අදත් එය මැඩලිය නොහැකි සමාජ ව්‍යාවසන මට්ටමින් ක්‍රියාත්මක වෙයි.

උපාලි ගජනායක
එංගලන්තයේ ලන්ඩන් නුවර සිට
