
ගාසා තීරය තුළ තිබූ වාහනයකට එල්ල වූ ප්‍රහාරයකින් ජ්‍යෙෂ්ඨ හමාස් අණදෙන නිලධාරියකු සෙනසුරාදා (13) මිය ගිය බව විදේශ මාධ්‍ය සඳහාන් කරයි.
ඊශ්‍රායල හමුදා සහ ආරක්ෂක ඒජන්සියක් වන ෂින් බෙට් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් නිවේදනය කළේ ගාසා නගරයේ හමාස් හමුදා අංශය වන කසාම් බ්‍රිගේඩ් සඳහා ආයුධ නිෂ්පාදන ප්‍රධානියා වන රායිඩ් සාද් “ඉවත් කළ” බවයි.
ගාසා නගරයට නැඟෙනහිරින් පිහිටි ඊශ්‍රායල ප්‍රජාවන්ට හමාස් ඔක්තෝබර් 7 වැනි දින එල්ල කරන ලද ප්රහාරවලදී සාද් වඩාත් කැපී පෙනෙන කසාම් අණ දෙන නිලධාරීන්ගෙන් කෙනෙකු ලෙස සලකනු ලැබූ අතර බලසේනා කිහිපයකට නායකත්වය දුන්නේය.
හමාස් පාලනය කරන සිවිල් ආරක්ෂක ප්‍රකාශක මහමුද් බාසාල් බීබීසීයට පැවසුවේ ප්‍රහාරයෙන් පුද්ගලයින් හතර දෙනෙකු මිය ගිය බවයි. පිපිරීමෙන් මගීන් කිහිප දෙනෙකු ද තුවාල ලැබූ බව ඔහු පවසා ඇත.
වාර්තාකරන්නේ- ජේම්ස් කුක්, ජෙරුසලම් සහ රුෂ්ඩි අබුඅලූෆ්, ගාසා ඉස්තාන්බුල්
