
මිලියන 22ක් වූ ශ්‍රී ලාංකික පුරවැසියන් යළිත්වරක් දීර්ඝ විදුලි කප්පාදුවක අඳුරු සෙවනැලි මායිමේ සිටිති.
මෙයට ආසන්නතම හේතුව වී ඇත්තේ රටේ සමස්ත බලශක්ති සැපයුම තීරණය කරන ගල් අඟුරු ප්‍රසම්පාදන ක්‍රියාවලිය දැවැන්ත අර්බුදයකට ලක්ව තිබීමයි.
විදුලිය යනු හුදෙක් පරිභෝජන භාණ්ඩයක් නොව, සෞඛ්‍යය, කර්මාන්ත සහ ජාතික ස්ථාවරත්වය පවත්වාගෙන යන රුධිර නාලිකාවයි.
එහෙත්, රාජ්‍ය යාන්ත්‍රණයේ දුර්වලතා, අදූරදර්ශී තීරණ සහ ගෝලීය වෙළෙඳපොළ අර්බුද හමුවේ, ශ්‍රී ලංකාවේ විදුලිබල පද්ධතිය මේ වනවිට පවතින්නේ අතිශය අවදානම් සහගත තත්ත්වයකය.
ටෙන්ඩර් උගුල සහ ජාත්‍යන්තරයේ විශ්වාසය බිඳවැටීම
දැනට රට තුළ පවතින ගල් අඟුරු තොග ශීඝ්‍රයෙන් අවසන් වෙමින් පවතින අතර, පවතින තොග ද ප්‍රමිතියෙන් තොර බාල වර්ගයේ ඒවා වීම බරපතළ ගැටලුවකි.
වත්මන් සැපයුම්කරු නියමිත කාලසටහනට අනුව නැව් එවීමට අපොහොසත් වීම මෙම අර්බුදය තවත් තීව්ර කැර ඇත.
ප්‍රායෝගික නොවන කොන්දේසි
මෙම තත්ත්වය මඟහරවා ගැනීමට ආණ්ඩුව විසින් කැඳවන ලද නව ජාත්‍යන්තර ටෙන්ඩරයේ ප්‍රතිඵල මඟින් පෙන්නුම් කරන්නේ ජාත්‍යන්තර සැපයුම්කරුවන් ශ්‍රී ලංකාව කෙරෙහි තබා ඇති විශ්වාසයේ තරමය.
ප්‍රධාන ගෝලීය සැපයුම්කරුවන් මෙම ටෙන්ඩරයට ඉදිරිපත් නොවූ අතර, ඉදිරිපත් වූවන් ද වාණිජමය වශයෙන් ප්‍රායෝගික නොවන කොන්දේසි පනවා තිබුණි.
වඩාත් කණගාටුදායක කරුණ නම්, අඩුම ලංසුව ඉදිරිපත් කැර ඇත්තේ මීට පෙර ද බාල ගල් අඟුරු සැපයූ සහ නියමිත කාලයට නැව් එවීමට අපොහොසත් වූ පැරණි සැපයුම්කරුම වීමයි. ටෙන්ඩරය අවසන් වූ පසු ඔවුන් මෙට්‍රික් ටොන් එකකට අමෙරිකානු ඩොලර් 20ක අමතර මුදලක් ඉල්ලා සිටීමෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ජාතියේ අසරණභාවය තම මූල්‍යමය වාසියට හරවා ගනිමින් සිටින බවයි.
අනතුරුදායක විකල්ප සහ ප්‍රසම්පාදන අන්ධභාවය

රජයේ දෘඩ ප්‍රසම්පාදන නීති රීති හේතුවෙන් දැන් ජාතික බලශක්ති අනාගතය සමාගම් දෙකක් මත යැපෙන තත්ත්වයට පත්ව ඇත.
• TARANJOT Resources (Pvt) Ltd:
වාර්තා වන අන්දමට මෙම සමාගම මේ වන විටත් බංකොලොත්භාවය (insolvency) සම්බන්ධ නෛතික ක්‍රියාවලියකට මුහුණ දෙමින් සිටී.
• A2A Trading FZE:
ශ්‍රී ලංකාවට ගල් අඟුරු සපයා කිසිදු පූර්ව අත්දැකීමක් නොමැති සමාගමකි.
ගල් අඟුරු මෙහෙයුම් යනු අතිශය සංකීර්ණ සහ තාක්ෂණික ක්‍රියාවලියකි. මෙවැනි අත්දැකීම් රහිත හෝ මූල්‍ය අස්ථාවරත්වයක් ඇති සමාගම් වෙත ජාතික බලශක්ති සුරක්ෂිතතාවයේ වගකීම පැවරීම සමස්ත රටම අනතුරේ හෙළීමකි.
ගෝලීය බලශක්ති අර්බුදයේ බලපෑම
මෙම අර්බුදය දේශීය කළමනාකරණ දුර්වලතාවයක් පමණක් නොවේ; එය වත්මන් ගෝලීය ආර්ථික තත්ත්වයන්ගේ ද ගොදුරකි.
* භූ දේශපාලනික ආතතීන් හේතුවෙන් යුරෝපය ද්‍රවිකෘත ස්වභාවික වායු (LNG) වෙනුවට යළිත් ගල් අඟුරු වෙත යොමුවෙමින් සිටීම.
* ගල් අඟුරු මෙට්‍රික් ටොන් එකක මිල ඩොලර් 200 සීමාව ඉක්මවා යනු ඇතැයි අපේක්ෂා කිරීම.
* නැව් ගාස්තු සහ සාගර රක්ෂණ වාරික (Insurance premiums) අසාමාන්‍ය ලෙස ඉහළ යෑම.
මෙවැනි තීරණාත්මක ගෝලීය වටපිටාවක් තුළ, ශක්තිමත් සහ විශ්වාසදායී සැපයුම්කරුවන් නොමැතිව ශ්‍රී ලංකාවට මෙම දැවැන්ත තරගකාරීත්වයට මුහුණ දිය නොහැක.
කාලය සමග සටන: තීරණාත්මක දින 5ක්
* මැයි මස මුල් සතියේ නිරිතදිග මෝසම ආරම්භ වීමට පෙර ගල් අඟුරු ගොඩබෑමේ කටයුතු අවසන් කළ යුතුව ඇත (මෝසම් කාලයේදී රළු මුහුද හේතුවෙන් ගොඩබෑම කළ නොහැක).
* අප්‍රේල් 10වැනි දා වන විට නැව් පැමිණීමට නම්, අනිවාර්යයෙන්ම මාර්තු 20වැනිදා ට පෙර මෙම ටෙන්ඩරය ප්රදානය කළ යුතුය. 2026 මාර්තු 15 සිට ගණනය කළ විට ඒ සඳහා ඉතිරිව ඇත්තේ තවත් දින 5ක් වැනි අතිශය කෙටි කාලයකි.
ඇමැති මණ්ඩලයේ වගකීම
අවධානය දැන් යොමු වී ඇත්තේ ඉදිරි දින කිහිපය තුළ රැස්වීමට නියමිත ඇමැති මණ්ඩලය වෙතය. ඔවුන් ඉදිරියේ ඇත්තේ හුදෙක් ගල් අඟුරු මිලදී ගැනීමේ තීරණයක් නොව, නායකත්වයේ සහ ජාතික වගකීමේ දැවැන්ත පරීක්ෂණයකි. අසාර්ථක හෝ දූෂිත සැපයුම්කරුවන්ට යළිත් වරක් ජාතියේ බලශක්ති අනාගතය පාවා දුනහොත්, ඉන් ජනනය වන ආර්ථික කඩාවැටීම සහ මහජන අප්‍රසාදය මෑත ඉතිහාසයේ සිදුකළ බරපතළම ප්‍රතිපත්තිමය වරද ලෙස ඉතිහාසගත වනු ඇත.
Source- The Leader
(සටහන | එස්. සුරියආරච්චි)
