
අමෙරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය පූර්ව සාකච්ඡාවක් නොමැතිව තම රටවල් විනාශකාරී යුද්ධයකට ඇඳ දමා ඇති බවත්, රටවල් විනාශ වෙමින් පවතින බව ගල්ෆ් කලාපීය රටවල නායකයන් වොෂින්ටනයට දැඩි විරෝධය පළ කැර ඇති බව අනාවරණය වෙයි.
පෙර නොවූ විරූ අන්දමින් තම රටවල්වල ආරක්ෂාව සහ ස්ථාවරත්වය මේ වෙන විට අවදානමට ලක්ව ඇති බව පෙන්වන දෙන ගල්ෆ් නායකයන්, වත්මන් තත්ත්වය පිළිබඳව දැඩි කලකිරීමට පත්ව සිටින බව විදේශ මාධ්‍ය උපුටා දක්වමින් Cyber World Press සඳහාන් කරයි.
විශේෂයෙන් ගලෆ් කලාපයේ රටවල ස්ථාපිත කැර ඇති අමෙරිකා එක්සත් ජනපද හමුදා කඳවුරු වර්තමානයේ ආරක්ෂාවට වඩා විශාල තර්ජනයක් සහ බරක් වී ඇති බව ඔවුන් පෙන්වා දෙයි.
ඉරානයෙන් දරුණු ප්‍රහාර ගල්ෆ් කලාපීය රටවල්වලට එල්ල වුවත්, එයට එරෙහිව කිසිදු පළිගැනීමක් එම රටවල් සිදු නොකරන්නේ අසල් වැසි ඉරානය සමඟ ගැටුම් දිගටම කැර ගෙන යෑමට ඔවුන් අකමැති නිසාත්,එය සාදාචාර සම්පන්න නොවන නිසා බවත් අනාවරණය වෙයි.
ඔවුන්ගේ රටවලට දැඩි හානියක් සිදු වුවද, මෙම තත්ත්වය කලාපීය දේශපාලනයේ දැවැන්ත වෙනසක් ලෙස සලකනු ලබන බවයි.දේශපාලන විශ්ලේෂකයන් අනාවැකි පළ කරන්නේ මෙම තත්ත්වය හමුවේ අමෙරිකා එක්සත් ජනපදය සහ ගල්ෆ් කලාපය අතර පවතින ආරක්ෂක සබඳතා සම්පූර්ණයෙන්ම ඉදිරියේදී වෙනස් වීමට ඉඩ දැන් නිර්මාණය වෙමින් පවතින බවයි.
(Cyber World Press Special Correspondent in Beirut)
