Impartial news reporting for a stronger democratic society
ගඩා­ෆිගේ පුතාව වෙඩි තබා මරා දමයි

ලිබි­යාවේ හිටපු නායක මුව­ම්මර් ගඩා­ෆිගේ පුත්‍ර­යකු වන සයිෆ් අල් ඉස්ලාම් ලිබි­යා­වේදී ඝාත­නය වූ බව අල් ජසීරා පුවත් සේවය  අනාවරණය කරයි. මුව­ම්මර් ගඩා­ෆිගේ පුත්‍ර­යන් අට­දෙනා අත­රින් වැඩිම ජාත්‍ය­න්තර අව­ධා­නය දිනු 53 හැවි­රිදි සයිෆ් අල් ඉස්ලාම් ට්‍රිපෝලි අග­නු­ව­රට කිලෝ­මී­ටර් 136ක් දුරින් පිහිටි සින්ටන් නග­රයේ සිය නිව­හනේ සිටි­යදී නාඳු­නන තුව­ක්කු­ක­රු­වන් අතින් ඝාත­න­යට ලක්වූ බව ඔහුගේ නීති­ඥ­ව­රයා සහ දේශ­පා­ලන උප­දේ­ශ­ක­ව­රයා තහ­වුරු කැර තිබේ.

මුහුණු ආව­ර­ණය කැර­ගත් පුද්ග­ල­යන් සිවු­දෙ­නකු ඔහුගේ නි‍වෙසට කඩා පැන වෙඩි ප්‍රහා­ර­යක් එල්ල කැර ඇතැයි ද, ඝාත­නය වීමට පෙර සයිෆ් අල් ඉස්ලාම් තුව­ක්කු­ක­රු­වන් මෙල්ල කැර ­ගැ­නී­මට උත්සාහ කැර ඇතැයි ද ඔහුගේ දේශ­පා­ලන කණ්ඩා­යම නිවේ­ද­නය කැර තිබේ. ඝාත­නය සම්බ­න්ධ­යෙන් පරී­ක්ෂ­ණ­යක් පැවැ­ත්වී­මට නිය­මිත බව ද සඳහාන් වේ.( දිනමිණ ඇසුරෙන්)

Follow by Email
LinkedIn
Share
WhatsApp