Impartial news reporting for a stronger democratic society
කෝටි 25ක ඉඩ­ම පාතා­ල­යට නොදු­න්නාට හෝටල් හිමියා ඝාතනය කරන්න සැල­සු­මක් හදලා ගිනි­ අ­වි­යක් – ජීව උණ්ඩ සමඟ සැක­කරුවකු දැලේ

දෙහි­වල පිහිටි රුපි­යල් කෝටි 25ක් පමණ වටිනා ඉඩ­මක් කප්ප­මක් ලෙස පාතා­ල­යට ලබා නොදීම හේතු­වෙන් ඉඩමේ හිමි­කරු වන හෝටල් හිමි ව්‍යාපා­රි­ක­යෙක් ඝාත­නය කිරී­මට පාතා­ලයේ සැල­සු­මක් පොලිස් විශේෂ කාර්ය බළ­කාය හෙළි කැර ­ගෙන තිබේ.

ව්‍යාපා­රි­කයා ඝාත­නය කිරී­මට සඟවා තිබූ ගිනි­අ­වි­යක් ඇතුළු ජීව උණ්ඩ තොග­යක් සමඟ 18 හැවි­රිදි සංවි­ධා­නා­ත්මක අප­රාධ කල්ලි සාමා­ජි­ක­යකු අත්අ­ඩං­ගු­වට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළ­කාය පව­සයි. මිලි­මී­ටර් 09 වර්ගයේ උණ්ඩ යෙදිය හැකි මෙරට නිෂ්පා­දිත රිදී පැහැති ගිනි­අ­වි­යක්, T56 අවි­ව­ලට භාවිත කරන මැග­සි­න­යක්, තවත් පිස්තෝල ගිනි­අවි කොටස් හා T56 ජීව උණ්ඩ 30ක් පොලිස් භාර­යට ගෙන ඇත. මොර­ටුව පොලිස් විශේෂ කාර්ය බළකා කඳ­වුරේ විශේෂ කාර්ය බළ­කාය විශේෂ මෙහෙ­යුම් අංශ iii හි නිල­ධා­රීන්ට ලද තොර­තු­ර­කට අනුව නිල­ධා­රීන් කණ්ඩා­ය­මක් ගල්කිස්ස පොලිස් වසමේ, ගුණ­ව­ර්ධන පාරේ නි‍වෙ­සක් ඉදි­රි­පිට දී වැට­ලීම සිදු කැර ඇත.

අත්අ­ඩං­ගු­වට ගත් සැක­කරු සංවි­ධා­නා­ත්මක අප­රා­ධ­ක­රු­වකු හා මහා පරි­මාණ මත්ද්‍රව්‍ය ජාවා­ර­ම්ක­රු­වකු වන දැනට විදේ­ශ­ග­තව සිටින කොම්ප­ඤ්ඤගේ අසංක චානක ෆොන්සේකා නොහොත් බඩෝ­විට අසංක නමැති අප­රා­ධ­ක­රුගේ අනු­ගා­මි­ක­යකු වන කුරු­විට ආර­ච්චිගේ කවිදු ධනං­ජය නොහොත් සැන්ඩෝ නමැ­ත්තාගේ ප්‍රධාන ගෝල­යකු වේ.

සැක­ක­රු­ගෙන් කළ වැඩි­දුර ප්‍රශ්න කිරී­ම්ව­ලදී කුරු­විට ආර­ච්චිගේ කවිදු ධනං­ජය නොහොත් සැන්ඩෝ නමැති පුද්ග­ල­යාගේ උප­දෙස් අනුව මේ අවිය සන්ත­කයේ තබා­ගත් බවත්, දෙහි­වල ප්‍රදේ­ශයේ ප්‍රධාන ව්‍යාපා­රි­ක­යකු ඝාත­නය කිරීමේ සැල­සු­ම­කට මේ අවි භාවිත කිරී­මට සූදා­නම්ව තිබූ බව­ටත් තොර­තුරු අනා­ව­ර­ණය වී තිබේ.

දෙහි­වල පිහිටි අවන් හල­ක­ටද පසු­ගිය සතියේ පෙට්‍රල් බෝම්බ ප්‍රහා­ර­යක් එල්ල වී තිබුණි. එම බෝම්බ ප්‍රහා­ර­යද සැන්‌ඩෝ නමැති පාතා­ලයේ අප­රා­ධ­කරු මෙහෙ­යවා ඇතැයි කියයි.

( දිනමිණ ඇසුරෙන්) බණ්ඩා­ර­ගම – බිමල් ජය­සිංහ, කොට්ටාව සමූහ – ප්‍රදීප් කුමාර, දෙහි­වල – ඩී.පී.හේරත්

Follow by Email
LinkedIn
Share
WhatsApp