
නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාවේ තිබී රුපියල් කෝටි 200 කට වඩා වටිනා ‘අයිස්’ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 160ක් සහ හෙරොයින් කිලෝග්‍රෑම් 21 කට වැඩි ප්‍රමාණයක් සොයා ගෙන ඇත.
ශ්‍රී ලංකාවට දකුණින් ගැඹුරු මුහුදේ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට සැක කෙරෙන බහුදින ධීවර යාත්‍රාව නාවික හමුදා අත්අඩංගුවට ගෙන වැඩිදුර පරීක්ෂණ සඳහා සැකකරුවන් පස් දෙනෙකු දික්ඕවිට ධීවර වරායට ගෙන එන ලදී.

දැනට සිදු කළ මූලික පරීක්ෂණවලින් හෙළි වන්නේ යාත්‍රාව මුලින් ධීවර කටයුතු සඳහා ගන්දර ප්‍රදේශයෙන් පිටත්ව ගොස් ඇති බවයි.
සැකකරුවන් සමඟ යාත්‍රාවේ තිබී සොයා ගත් මත්ද්‍රව්‍ය වැඩිදුර පරීක්ෂණ සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට භාර දී ඇත.
