Impartial news reporting for a stronger democratic society
කෝටි 2ක අයිස්  සමඟ කමාන්ඩෝ සෙබ­ළා ඇතුළු 4ක් දැලේ

පාදුක්ක පොලී­සිය  සිදු ­කළ මෙහෙ­යු­ම­කදී යුද හමුදා කමාන්ඩෝ රෙජි­මේ­න්තුවේ සක්‍රිය සේවයේ යෙදී සිටින සෙබ­ළෙක් ඇතුළු පුද්ග­ල­යන් සිව් දෙනෙකු, රුපි­යල් කෝටි 2ක් පමණ වටිනා අයිස් ග්‍රෑම් 167 මිලි­ග්‍රෑම් 20ක් සමඟ ඊයේ ( 14)  අත්අ­ඩං­ගු­වට ගෙන ඇත.

පාදුක්ක පොලිස් ස්ථානයේ අප­රාධ අංශයේ නිල­ධා­රීන් කණ්ඩා­ය­මක් පසු­ගිය 12  වැනි දි  ලිය­න්වල ප්‍රදේ­ශයේ සැක­ක­ට­යුතු පුද්ග­ල­යෙක් පරීක්ෂා කිරී­මේදී ඔහු සන්ත­කයේ තිබී අයිස් මිලි­ග්‍රෑම් 5100ක් අත්අ­ඩං­ගු­වට ගෙන ඇත. අත්අ­ඩං­ගු­වට ගත් සැක­ක­රු­ගෙන් වැඩි­දු­ර­ටත් ප්‍රශ්න කිරී­මේදී, මොහු මීට ඉහ­තදී තවත් පුද්ග­ල­යෙක් සමඟ යතු­රු­පැ­දි­යක ගමන් කර­මින් සිටි­යදී හෝමා­ගම පොලිස් ස්ථානයේ සේවය කැර විශ්‍රාම ගිය කාන්තා පොලිස් පරී­ක්ෂක නිල­ධා­රි­නි­යක් ගෙල බැඳි පවුම් 6 හමා­රක පමණ රන්මා­ල­යක් කඩා­ගෙන ගොස් ඇති බව පොලී­සිය අනා­ව­ර­ණය කැර ­ගෙන ඇත.

මෙලෙස රන්මා­ලය කඩා­ගත් යතු­රු­පැ­දියේ පිටු­පස ගමන් කළ පුද්ග­ලයා සම්බ­න්ධ­යෙන් අත්අ­ඩං­ගු­වට ගත් සැක­ක­රු­ගෙන් ලබා­ගත් තොර­තුරු මත, එම පුද්ග­ල­යාද අයිස් ග්‍රෑම් 7 මිලි­ග්‍රෑම් 200ක් පොලී­සිය අත්අ­ඩං­ගු­වට ගෙන ඇත. අප­රාධ අංශයේ ස්ථානා­ධි­ප­ති­ව­රයා ඇතුළු පොලිස් නිල­ධා­රීන් මෙම සැක­ක­රුට අයිස් මත්ද්‍රව්‍ය ලැබුණු ආකා­රය සම්බ­න්ධ­යෙන් විම­ර්ශ­නය කිරී­මේදී, මීගොඩ පොලිස් වසමේ සම­න­ල­තැන්න ප්‍රදේ­ශයේ නි‍වෙ­සක පදිංචි පුද්ග­ල­යකු තමන්ට අයිස් මත්ද්‍රව්‍ය ලබා දෙන බවට සැක­ක­රුගේ ප්‍රකාශ අනුව පොලී­සිය අනා­ව­ර­ණය කැර­ ගෙන ඇත.

ඒ අනුව පොලිස් නිල­ධා­රීන් එදි­නම සම­න­ල­තැන්න ප්‍රදේ­ශය අදාළ නි‍වෙස පරීක්ෂා කිරී­මේදී, කුලී පද­නම මත එම නි‍වෙසේ පදිං­චිව සිටි යුද හමුදා කමාන්ඩෝ රෙජි­මේ­න්තුවේ සක්‍රිය සේවයේ යෙදී සිටින සෙබ­ළෙක් අයිස් ග්‍රෑම් 50ක් සමඟ අත්අ­ඩං­ගු­වට ගෙන ඇත. සැක­ක­රුට අයිස් මත්ද්‍රව්‍ය ලැබෙන ආකා­රය ගැන විම­ර්ශ­නය කිරී­මේදී, මෝටර් රථ­ය­කින් පැමි­ණෙන පුද්ග­ල­යෙක් තමන්ට අයිස් මත්ද්‍ර­ව්‍යය ලබා දෙන බවට සැක­ක­රුගේ ප්‍රකාශ මත පොලී­සිය තහ­වුරු කැර ­ගෙන ඇත.

ඒ අනුව පොලිස් නිල­ධා­රීන් කණ්ඩා­යම තව­දු­ර­ටත් විම­ර්ශ­නය කිරී­මේදී, මත්ද්‍රව්‍ය ප්‍රවා­හ­නය කළ මෝටර් රථය රියැ­දුරු සමඟ තවත් පුද්ග­ල­යෙකු අත්අ­ඩං­ගු­වට ගෙන පරීක්ෂා කිරී­මේදී මෝටර් රථයේ සිටි පුද්ග­ල­යෙකු සන්ත­කයේ තිබී අයිස් ග්‍රෑම් 110ක් අත්අ­ඩං­ගු­වට ගෙන ඇත.

මොවු­න්ගෙන් ප්‍රශ්න කිරී­මේදී මෝටර් රථයේ ගමන් කළ පුද්ග­ල­යකු සහ මෙදි­නම අයිස් ග්‍රෑම් 7 මිලි­ග්‍රෑම් 200ක් සමඟ අත්අ­ඩං­ගු­වට ගත් පුද්ග­ල­යාද එක්ව හෝමා­ගම, මොර­ග­හ­හේන, මිරි­හාන, සහ පාදුක්ක යන ප්‍රදේ­ශ­වල රන්මාල කැඩීම සිදු කැර ඇති බවට පොලී­සිය විසින් සැක­ක­රු­වන්ගේ ප්‍රකාශ මඟින් පොලී­සිය අනා­ව­ර­ණය කර­ගෙන ඇත.

(පාදුක්ක සමූහ – රෙක්සි වෙත්ත­සිංහ ,දිනමිණට ලියන ලද ප්‍රවෘතියක් ඇසුරෙන් )

Follow by Email
LinkedIn
Share
WhatsApp