
යුද්ධයෙන් පීඩාවට පත්ව සිටින මැදපෙරදිග සහ විශේෂයෙන් ඩුබායි මූල්‍ය නගරයෙන් ඉවත් වන ආයෝජකයන් සඳහා කොළඹ වරාය නගරය උපායමාර්ගිකව ආකර්ශනීය කැර ගන්නා ලෙස ශ්‍රී ලංකා ආර්ථික සංගමයේ සභාපති, විවෘත විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සිරිමෙවන් කොළඹගේ මහතා ආණ්ඩුයෙන් ඉල්ලා සිටි.

මහාචාර්ය සිරිමෙවන් කොළඹගේ මහතා තවදුරටත් මෙසේද පැවසීය.
සමස්ත සංවර්ධනය සාක්ෂාත් කැර ගැනීමේ ක්‍රියාවලියෙදී ,ශ්‍රී ලංකාව ඉන්දියානු සාගරයේ භූ දේශපාලනික වැදගත්කම උපයෝගී කර ගැනීම වැදගත්.
මූල්‍ය අංශයේ ප්‍රගතිය ආර්ථිකයට සියයට 57 ක් දායක වන සේවා අංශය නඟා සිටුවීමට උපකාරී විය හැකි.
ආනයන වැඩිවීම, අපනයන අඩුවීම, වෙළෙඳ ශේෂයේ පරතරය පුළුල් වීම සහ මැදපෙරදිග යුද්ධයෙන් ඇති වූ අනෙකුත් ආර්ථික පසුබෑම් තිබියදීත්, ආර්ථික පරිවර්තනය සහ කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත් අනාගතය දීප්තිමත් කිරීමට බලගැන්විය හැකි.
ශ්‍රී ලංකාව එහි භූ දේශපාලනික වැදගත්කම තේරුම් ගෙන ආයෝජකයන් සඳහා ආරක්ෂිත සහ ස්ථාවර තත්ත්වයන් සහතික කිරීමට සමත් වුවහොත් කොළඹ වරාය නගරය ආර්ථිකයේ රිදී රේඛාවක් බවට පත් කළ හැකි බව මහාචාර්ය සිරිමෙවන් කොළඹගේ මහතා තවදුරටත් පැවසීය.
