Impartial news reporting for a stronger democratic society
කොළඹ කොටස් වෙළෙඳ පොළේ නම විකුණා මහජනතාවගෙන් මුදල් කොල්ලකන Blue Ocean Securities Ltd ගැන CID පරීක්ෂණ

කොළඹ කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය කිරීම සඳහා යැයි කියමින් මහජනතාවගෙන් අරමුදල් රැස් කරන Blue Ocean Securities Ltd නම් සමාගමක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණයක් ආරම්භ කැර ඇතැයි ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව පවසයි.

“මෙම බලපත්‍ර රහිත ආයතනය සම්බන්ධයෙන් සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට (CID) විධිමත් පැමිණිල්ලක් ගොනු කැර ඇත,” සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව මේ පිළිබඳව  twitter.com සටහනක  මඟින් සඳහන් කෙළේය.

“ඊට අමතරව, කොළඹ කොටස් වෙළෙඳපොළ (CSE) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත වෙනම පැමිණිල්ලක් ද ගොනු කැර  තිබේ.

“CID ​​විමර්ශන ආරම්භ කර ඇති අතර, සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව මෙම ආයතනයට අදාළ සියලුම පැමිණිලි සහ බැංකු ගිණුම් විස්තර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  වෙත ලබා දී ඇත.”

සමාගමේ ප්‍රධාන විශ්ලේෂකයෙකු යැයි කියා ගන්නා, රොහාන් ඩයස් යන නම භාවිතා කරන පුද්ගලයකු සහ ඔහුගේ සහකාරිය යැයි කියා ගන්නා නටාෂා පෙරේරා යන දෙදෙනාටම සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව බලපත්‍ර ලබා දී නොමැති බව අනාවරණය වී තිබේ.

“මෙම ආයතනය විසින් සපයනු ලබන කිසිදු බැංකු ගිණුමකට කිසිදු මුදලක් තැන්පත් නොකරන ලෙසත්, ආයෝජන ආශ්‍රිත ක්‍රියාකාරකම්වල යෙදෙන විට අතිශයින්ම ප්‍රවේශම් වන ලෙසත් සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව මහජනතාවගෙන් දැඩි ලෙස ඉල්ලා සිටි.”

_______________________________________________________________________

ALERT TO THE GENERAL PUBLIC – Blue Ocean Securities (BOSL) The Securities and Exchange Commission of Sri Lanka (SEC) alerts the public not to engage with the entity operating as Blue Ocean Securities Ltd. or its mobile application BOMate for investingin the Colombo Stock Exchange (CSE). This entity is not licensed by the SEC to function as a market intermediary. Individuals identified as Rohan Dias (claiming to be Chief Analyst) and Natasha Perera (claiming to be his Assistant) are not licensed by the SEC, and two impersonators are currently using these names. The SEC has lodged a formal complaint with the Criminal Investigation Department (CID) regarding this unlicensed entity. Additionally, the Colombo Stock Exchange (CSE) has also lodged a separate complaint with the CID. The CID has commenced investigations, and the SEC has provided all related complaints and bank account details connected to this entity to the CID. The SEC strongly urges the public not to deposit any funds into any bank account provided by this entity and to exercise extreme caution when engaging in investment related activities. #StayInformed #ScamAlert #CapitalMarketOfSL #SECSL


Follow by Email
LinkedIn
Share
WhatsApp