Impartial news reporting for a stronger democratic society
කෙරල්වලපිටිය කුණු කන්දේ මහා ගින්නක් ! පරීක්ෂණයක් පවත්වන්නැයි  නියෝජ්‍ය ඇමැතිගෙන් උපදෙස්

කෙරල්වලපිටිය කුුණු කන්දේ  පසුගිය බ්‍රහස්පතින්දා (26) හදිසියේ ඇති වූ ගින්න සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක්  පවත්වන්නැයි පරිසර  නියෝජ්‍ය ඇමැති ඇන්ටන් ජයකොඩි අදාළ අංශවලට උපදෙස් දී ඇත.

මෙම හදිසි  ගින්න නිසා දැඩි පාරිසරික හා මහජන සෞඛ්‍ය බලපෑම්  ඇති විය හැකි බව අදාළ අංශ අනතුරු අඟවා තිබේ.

වගුරු බිම් ගොඩක ඇති වූ ගින්නෙන් මීතේන් විමෝචනය, ප්‍රතිචක්‍රීකරණයේ අසාර්ථකත්වයන් සහ දේශීය පරිසර පද්ධතියට වන හානිය පිළිබඳව කනස්සල්ල මතු වී තිබේ.

ගින්නට ඉන්ධන සැපයීමේදී සිරවී ඇති මීතේන් වායුවේ කාර්යභාරය සහ එහි වායුගෝලීය බලපෑම්, අපද්‍රව්‍ය කළමනාකරණයේ ඇති විය හැකි පරිපාලන හෝ තාක්ෂණික අඩුපාඩු සහ ගින්නෙන් විනාශ වූ වගුරු පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ගත යුතු පියවර පිළිබඳව කඩිනම් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස නියෝජ්‍ය ඇමැති ජයකොඩි පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් ඉල්ලා තිබේ.

මධ්‍යම පරිසර අධිකාරියෙන් සහ ඕසෝන් ඒකකයෙන් තාක්ෂණික අදහස් ලබා ගන්නා අතරතුර අවදානම පිළිබඳව මහජනතාව දැනුවත් කරන  අදාළ අංශ වෙත උපදෙස් දී ඇත.

Follow by Email
LinkedIn
Share
WhatsApp