Impartial news reporting for a stronger democratic society
කුවේට් තෙල්  පිරිපහදුවට ඩ්‍රෝන ප්‍රහාරයක්  

කුවේට් ජාතික තෙල් සමාගමට (KPC) අයත් මිනා අල් අහමදි (Mina al-Ahmadi) පිරිපහදුව ඉලක්ක කැර ගනිමින් ඊයේ (03) උදෑසන එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයක් හේතුවෙන් එහි මෙහෙයුම් ඒකක කිහිපයක දැවැන්ත ගින්නක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය සඳහාන් කරයි.

ප්‍රහාරයෙන් පසු ඇති වූ ගින්න මැඩපැවැත්වීම සහ තත්ත්වය පාලනය කිරීම සඳහා හදිසි සහන සේවා කණ්ඩායම් දැඩි පරිශ්‍රමයක යෙදී සිටින බව සඳහාන් වේ.

ඉරාන – ඊශ්‍රායල යුද්ධයේ ව්‍යාප්තියක් ලෙස සැලකෙන මෙම ප්‍රහාරයත් සමඟ කුවේට් ගුවන් ආරක්ෂක අංශ එරට දෙසට පැමිණි මිසයිල සහ ඩ්‍රෝන යානා කිහිපයක් අතරමගදී විනාශ කිරීමට පියවර ගෙන තිබේ.

මේ අතර අසල්වැසි බහරේනය තුළ ද අනතුරු ඇඟවීමේ සංඥා (Sirens) නාද වී ඇති අතර, වහාම ආරක්ෂිත ස්ථාන කරා යන ලෙස එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය වැසියන්ට දැනුම් දී ඇත.

ප්‍රහාරය හේතුවෙන් පිරිපහදුවේ මෙහෙයුම්වලට බාධා එල්ල වී ඇති නමුත් මෙතෙක් ජීවිත හානි පිළිබඳව සඳහාන් වී නොමැත.( දිනමිණ ඇසුරෙන්)

Follow by Email
LinkedIn
Share
WhatsApp