
ඩුබායි වරාය ආසන්නයේ නැංගූරම් ලා ඉන්ධන පුරවා තිබු කුවේට් රාජ්‍යයට අයත් “ අල් – සල්මි ” (Al-Salmi) නෞකාවට අද (31) අලුයම ඉරානය ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම ප්‍රහාරයෙන් නෞකාවේ බඳ කොටසට දැඩි හානි සිදුවී ඇති අතර හටගත් ගින්න මේ වන විට මැඩපවත්වා ඇති බව ඩුබායි බලධාරීන් සඳහන් කළ ද, විදේශ මාධ්‍යය සඳහාන් කරන්න ගින්න පාලනය කිරිම අසීරු බවයි.
කෙසේ වෙතත්, මෙම ප්‍රහාරය හේතුවෙන් අවට මුහුදු තීරයට දැවැන්ත තෙල් කාන්දුවක් සිදුවීමේ අවදානමක් පවතින බව කුවේට් ඛනිජ තෙල් සංස්ථාව (KPC) අනතුරු අඟවයි.
කුවේට් ප්‍රවෘත්ති ඒජන්සියට (KUNA) අනුව, ප්‍රහාරයෙන් නෞකාවේ තෙල් ටැංකියට යාබඳ කොටසට හානි සිදු වූ අතර, නෞකාවේ ගින්නක් ඇතිව තිබුණි බව ද සඳහන් කෙරේ.
කුවේට් ඛනිජ තෙල් සමාගම අනතුරු ඇඟවා ඇත්තේ මේ හේතුවෙන් අවට ජලයට තෙල් කාන්දු විය හැකි බවයි.
මෙම සිද්ධියෙන් කිිසිදු අයෙකු තුවාල ලබා නොමැති බවත්, එහි සිටි කාර්ය මණ්ඩලයේ 24 දෙනාම ආරක්ෂිත බවත් සඳහාන් වේ.
අදාළ නෞකාව හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා පැමිණ සෞදි අරාබිය සහ කුවේට් වරායන්ගෙන් ඉන්ධන ලබාගෙන එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා ගමන් කරමින් තිබුණි.
