Impartial news reporting for a stronger democratic society
කුද්ස් දින උත්සවය කොළඹදී සමරයි

රමලාන් මාසයේ අවසන් සිකුරාදා අනුස්මරණය කරන කුද්ස් දින සැමරුම් උත්සවය  ඊයේ (13)  කොළඹ පිහිටි ඉරාන සංස්කෘතික  මධ්‍යස්ථානයේදී  පැවැත් විණි.

ඉරාන සංස්කෘතික මධ්‍යස්ථානයේ  අධ්‍යක්ෂ ආචාර්ය අලි කෙබ්රියායි සාදේ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම  අනුස්මරණය උත්සවය පැවතීම විශේෂත්වයක් විය.  

ප්‍රවීණ මාධ්‍යවේදී සහ විචාරක මොහාන් සමරනායක ,  ආර්ථික විද්‍යාඥ උපදේශක සහ ව්‍යවසායක

ඩැරල් රොෂාන් මඩවෙල, හිටපු තානාපතිවරයකු වු  මස්නවි සාදීක්  යන මහත්වරු ඇතුළු  සම්භාවනීය  ආරාධිත අමුත්තන්  රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

පලස්තීනයේ විමුක්තිය පිළිබඳවත්, වත්මන් ලෝක ආර්ථික, සමාජ,.දේශපාලනමය  තත්ත්වය පිළිබඳවත් හරවත් කතිකාවන් මෙහි දී  සිදු විය.

අල් මුස්තාෆා ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයේ ශ්‍රී ලංකා නියෝජිත ආචාර්ය මීර් ෆාතිමි මහතා ස්තූති කතාව පැවැත් වු අතර මෙම වැඩසටහන සංවිධානය කරන ලද්දේ ශ්‍රී ලංකාවේ ඉරාන අධ්‍යයන සංගමය විසිනි.

සටහන – ෂිෆානි zසමා

Follow by Email
LinkedIn
Share
WhatsApp