
දෙවුන්දරට දකුණු දෙසින් සහ බේරුවලට ඔබ්බෙන් මුහුදු ප්‍රදේශවලින් අත්අඩංගුවට ගත් බහුදින යාත්‍රා දෙකක තිබූ රුපියල් කෝටි 1300ක් වටිනා කොකේන්, හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවන් 11 දෙනකු නාවික හමුදාව මඟින් ඊයේ (16) අත්අඩංගුවට ගෙන තිබේ.
නාවික හමුදාව මඟින් අත්අඩංගුවට ගෙන දික්ඕවිට ධීවර වරායට ඊයේ (16) රැගෙන ආ බහුදින යාත්‍රාවේ තිබී රුපියල් කෝටි 300කට අධික වටිනාකමක් ඇති හෙෙරායින් කිලෝ 133ක් සොයා ගෙන ඇත.
මෙම මත්ද්‍රව්‍ය තොගය විදේශගතව සිටින කුඩු සළිඳු සහ පොල්අතුමෝදර සරත් නමැති අයගේ මෙහෙයැවීමෙන් ඔවුන්ගේ මෙරට නියෝජිතයන්ට එවා ඇතැයි විමර්ශනවලින් පෙනී ගොස් තිබේ.
මෙම බහුදින යාත්‍රාවේ සිටි සැකකරුවන් 05 දෙනෙක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය අත්අඩංගුවට ගත්තේය. ඔවුන් වැලිගම, මාතර හා හම්බන්තොට පදිංචිකරුවන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි නීතිවේදී උදය කුමාර වුට්ලර් මහතා පැවැසීය. මෙම බහුදින යාත්‍රාව බේරුවල ධීවර වරායෙන් පසුගිය 05 වැනිදා ධීවර කටයුතු සඳහා යන බව සඳහන් කරමින් පිටත්ව ගොස් ඇතැයිද සහකාර පොලිස් අධිකාරිවරයා සඳහන් කෙළේය. බේරුවල මුහුදු සීමාවේ තිබූ බහුදින යාත්‍රාවේ තිබී රුපියල් කෝටි 1000ක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 500 කට ආසන්න තොගයක් සහ සැකකරුවන් 6ක් අත්අඩංගුවට ගෙන ඇත.
මේ බහුදින යාත්‍රාවේ ඊයේ (16) පස්වරු 6ට පමණ දික්ඕවිට වරායට ගෙන එනු ලැබිණි.
මෙම වසරේ මෙතෙක් ගෙවුණු කාලය තුළ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බහුදින ධීවර යාත්‍රා 8ක් නාවික හමුදාව විසින් වටලනු ලැබීය. 2016න් පසු මෙතෙක් ඉතිහාසයේ අත්අඩංගුවට ගත් විශාලතම කොකේන් තොගය මෙය වේ.
ගයාන් කුමාර වීරසිංහ,
රක්ෂණ ශ්‍රියන්ත,
වත්තල විශේෂ – ජෝශප් පයස්
( දිනමිණ ඇසුරෙන්)
