Impartial news reporting for a stronger democratic society
කැළණි ගංගා මිටියාවතේ පහත්බිම්වලට ගංවතුර අධි අවදානමක් ! ගඟේ ඉයුරු කැඩී යෑමේ අවදානම වැඩි වෙයි! ආරක්ෂක ස්ථාන කරා යන්න — වාරිමාර්ග දෙපාර්තමේන්තුව

කැළණි ගංඟා මිටියාවතේ පහත්බිම් ප්‍රදේශවලට මෑත  ඉතිහාසයේ ඇති නොවූ මට්ටමේ  ගංවතුර අධි අවදානම්  තත්ත්වයක් ඉදිරි පැය කීපය තුළ ඇති විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිතුත් කරමින් කියයි . කැළණි ගගේ බොහෝ ස්ථානවල ඉයුරු කැඩී යෑමේ අවදානමක් ඇති බවද අවදාරණය කරයි.

මේ තත්ත්වයෙන් ජීවිත ආරක්ෂා ැර ගැනීම පිණිස දැඩි සැලකිල්ලෙන් කටයුතු කරන ලෙසත්, උපරිම ආරක්ෂිත ස්ථානයක් කරා හැකි ඉක්මනින් ළඟාවන ලෙසත් එම ප්‍රදේශවල පදිංචි මහජනතාවගෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරයි.

Follow by Email
LinkedIn
Share
WhatsApp