
සංචාරකයන් පිරිසක් ඉලක්ක කරමින් පසුගිය අප්‍රේල් මාසයේදී ජම්මු – කාශ්මීර් ප්‍රාන්තයේ දී එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් එරට ත්‍රස්ත විරෝධී ඒජන්සිය, පාකිස්තානය කේන්ද්‍ර කරගත් ඉස්ලාමීය සංවිධාන සහ තවත් පුද්ගලයන් 6 දෙනකුට චෝදනා ගොනු කැර ඇතැයි රොයිටර් පුවත් සේවය සඳහාන් කරයි.
සැලසුම් කිරිම, පහසුකම් සැලසීම සහ ප්‍රහාරය ක්‍රියාත්මක කිරීම සම්බන්ධව පාකිස්තානය කේන්ද්‍ර කැරගත් ලෂ්කරී ටයිබා සංවිධානයට සහ ඊට අනුබද්ධිතව කාශ්මීරයේ ක්‍රියාත්මක වන තවත් ඉස්ලාමීය සන්නද්ධ කණ්ඩායමකට චෝදනා ගොනු කැර ඇතැයි ඉන්දියාවේ ත්‍රස්ත විරෝධි ඒජන්සිය නිවේදනය කළ බව ද රොයිටර් පුවත් සේවය වැඩිදුරටත් සඳහාන් කෙළේය.
එම ත්‍රස්ත ප්‍රහාරයෙන් මාස 3කට පසු ඉන්දීය ආරක්ෂක හමුදාව කාශ්මීරයේ ශ්‍රී නගර් ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී පාකිස්තාන ජාතිකයන් තිදෙනකු ජීවිතක්ෂයට පත්වූ අතර, තවත් තිදෙනකු අත්අඩංගුවට ගෙන රඳවා තබා සිටින බව සඳහාන් වේ.
පිටු 1,597කින් සමන්විත එම චෝදනා පත්‍රය ජම්මු කාශ්මීර් කලාපයේ විශේෂ අධිකරණයක ගොනු කැර ඇති අතර, එම කටයුතු අවසන් කිරීම සඳහා ඉන්දීය ත්‍රස්ත විරෝධී ඒජන්සියට මාස 8කට ආසන්න කාලයක් ගතවී තිබේ.
අත්අඩංගුවට ගත් පුද්ගලයන් චෝදනාවලට වැරදීකරුවන් වුවහොත් මරණ දඩුවම ලැබෙන බව Cyber World Press කළ විමසුමකදී ඉන්දීය ආරක්ෂක නිලධාරියකු පවසා තිබේ.
Cyber World Press-Kashmir
