Impartial news reporting for a stronger democratic society
කළු­වං­චි­කුඩි උසා­වියේ සේප්පු­වෙන් කෝටි දෙක­හ­මා­රක රන් සොරා ගත් රෙජි­ස්ට්‍රාර් රිමාන්ඩ්

­ක­ළු­වං­චි­කුඩි මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණයේ සේප්පු­වක නඩු භාණ්ඩ ලෙස තිබූ රුපි­යල් කෝටි ‌දෙකහ­මා­ර­කට අධික වටි­නා­ක­මක් ඇති පවුම් 80කට වැඩි රන් භාණ්ඩ තොග­යක් සොරා­ගැ­නී­මක් සම්බ­න්ධ­යෙන් එම අධි­ක­ර­ණයේ රෙජි­ස්ට්‍රා­ර්ව­රයා පොලී­සිය විසින් අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ.

කළු­වං­චි­කුඩි පොලී­සිය විසින් සැක­කරු අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මෙන් පසු දෙසැ­ම්බර් මස 05 වැනිදා දක්වා රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කිරී­මට මහේ­ස්ත්‍රා­ත්ව­රයා නියෝග කර තිබේ.

සොරා ගත් රන් භාණ්ඩ අත­රින් පවුම් 47ක පමණ රන් භාණ්ඩ සැක­කාර රෙජි­ස්ට්‍රා­ර්ව­ර­යා­ගෙන් කළ ප්‍රශ්න කිරීම් අනුව සොයා ගත් බව පොලී­සිය සඳ­හන් කරයි. උකස් කර සහ විකුණා තිබි­යදී මේ රන් භාණ්ඩ සොයා ගත් බව උසස් පොලිස් නිල­ධා­රි­යෙක් කීවේය.

අධි­ක­ර­ණයේ විභාග වූ නඩු­ව­කට අදා­ළව නඩු භාණ්ඩ ලෙස සේප්පුවේ තැන්පත් කර තිබූ රන් භාණ්ඩ­යක් ඉදි­රි­පත් කරන ලෙස මහේ­ස්ත්‍රාත් විසින් දුන් නියෝ­ග­යක් ඉටු කිරී­මට නඩුව විභාග වෙමින් පව­තින අව­ස්ථා­වේදී රෙජි­ස්ට්‍රා­ර්ව­රයා අපො­හො­සත් වී ඇති බව සඳ­හන්ය. ඒ ගැන ඇති වූ සැකය මත මහේ­ස්ත්‍රාත් නියෝ­ග­ය­කින් නඩු භාණ්ඩ ගබ­ඩාව භාර නිල­ධා­රියා විසින් සේප්පුවේ තිබූ නඩු භාණ්ඩ පරී­ක්ෂා­ව­කට ලක් කර ඇත.

ඒ් අනුව නඩු භාණ්ඩ ලෙස සේප්පුවේ තැන්පත් කර තිබූ පවුම් 40ක පමණ රන් භාණ්ඩ සොරා­ගෙන ඇති බවට නඩු භාණ්ඩ භාර­කරු විසින් පොලී­සි­යට පැමි­ණිලි කර තිබේ.

කළු­වං­චි­කුඩි පොලිස් ස්ථානා­ධි­පති, ප්‍රධාන පොලිස් පරී­ක්ෂක කපිල බණ්ඩාර මහ­තාගේ මෙහෙ­ය­වී­මෙන් පොලිස් නිල­ධා­රීන් මේ ගැන විම­ර්ශන පැවැ­ත්වී­මේදී පෙනී ගොස් ඇත්තේ සේප්පුවේ යතුර ඇත්තේ රෙජි­ස්ට්‍රාර් භාරයේ බවයි. ඒ අනුව ඔහු­ගෙන් දීර්ඝ ලෙස කළ ප්‍රශ්න කිරී­මේදී හෙළිවී ඇත්තේ සේප්පුවේ තිබූ රන් භාණ්ඩ තමන් විසින් විටෙන් විට සොරා­ගෙන උකස් කළ බවයි. ඇතැම් රන් භාණ්ඩ ඔහු විසින් විකුණා ඇති බව ද පෙනී ගොස් ඇත. උකස් කළ රන් භාණ්ඩ රැස­කට අදාළ උකස් පත්‍රිකා කිහි­ප­යක් ද ඔහු සතුව තිබී පොලී­සි­යට හමුවී තිබේ.

පවුම් 40ක රන් භාණ්ඩ මොහු විසින් සොරා­ගෙන ඇතැයි මූලික විම­ර්ශ­න­යේදී මෙන්ම පැමි­ණිල්ලේ සඳ­හන් වුවත් ඊට වඩා වැඩි රන් භාණ්ඩ තොග­යක් මොහු විසින් සොරා­ගෙන ඇතැයි පෙනී ගොස් ඇත. එම ප්‍රමා­ණය පවුම් 80කට වඩා වැඩි බව පොලී­සිය සැක කරයි.‍ සැක­කරු විසින් මේ සොර­කම 2023දී සිට සිදු කර ඇති බව ද හෙළිවී තිබේ. අව­සාන වරට සේප්පුවේ තිබූ රන් භාණ්ඩ සොරා­ගෙන ඇත්තේ පසු­ගිය ජූලි මාස­යේදී බව ද අනා­ව­ර­ණ­යවී ඇත. මොහු සතුව තිබී ඉමි­ටේ­ෂන් භාණ්ඩ රැසක් ද හමුවී තිබේ. පොලී­සිය සැක කරන්නේ ඔහු විසින් සේප්පුවේ ඇති රන් භාණ්ඩ සොරා­ගෙන ඉමි­ටේ­ෂන් භාණ්ඩ ඒ වෙනු­වට දමා ඇති බවයි. මේ හේතු­වෙන් නඩු භාණ්ඩ ලෙස සේප්පුවේ ඇති සිය­ලුම රන් භාණ්ඩ පරීක්ෂා කිරී­මක් අධි­ක­රණ නිල­ධා­රීන් විසින් සිදු කරන බව උසස් පොලිස් නිල­ධා­රි­යෙක් පැව­සීය.

වයස අවු­රුදු 46ක් වන එස්‍. රමේෂ් නමැති රෙජි­ස්ට්‍රා­ර්ව­රයා වාල­ච්චේන, කල්කුඩා පාරේ පදිං­චි­ක­රු­වෙක් බව පොලී­සිය සඳ­හන් කළේය‍.

දිනමිණ ඇසුරෙන් –

ගයාන් කුමාර

Follow by Email
LinkedIn
Share
WhatsApp