Impartial news reporting for a stronger democratic society
කර­න්දෙ­ණියේ නිවෙ­ස­කින් රු.කෝටි 9කට වැඩි අයිස් අල්ලයි – සැක­කරු වැඩ තහ­න­මට ලක් වූ පොලිස් නිල­ධා­රි­යෙක්

ඇල්පි­ටිය දූෂණ මර්දන ඒක­කය කර­න්දෙ­ණියේ 03 කණුව ප්‍රදේ­ශයේ නිවෙ­සක සඟවා තිබූ රුපි­යල් කෝටි 9 කට වැඩි වටි­නා­ක­ම­කින් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොග­යක් සමඟ සැක­ක­රු­වකු ඊයේ (21) පෙර­ව­රුවේ අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ.

අත්අ­ඩං­ගු­වට ගත් සැක­කරු වැඩ තහ­න­මට ලක් වූ පොලිස් නිල­ධා­රි­යකු බව අනා­ව­ර­ණය වී ඇත. මත්ද්‍රව්‍ය තොගය කොටස් ලෙස අලෙවි කිරී­මට සකස් කැර තිබූ බව මූලික පොලිස් විම­ර්ශ­න­ව­ලින් අනා­ව­ර­ණය වී ඇතැයි ඇල්පි­ටිය දූෂණ මර්දන ඒක­කය කියයි. මත්ද්‍රව්‍ය තොගය වැඩි­දුර විම­ර්ශන කට­යුතු සදහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාං­ශ­යට ලබා දීමට කට­යුතු කරන බව ඇල්පි­ටිය දූෂණ මර්දන ඒක­කය කියයි.

ඇල්පි­ටිය කොට්ඨා­සයේ දූෂණ මර්දන ඒක­කයේ ස්ථානා­ධි­පති පොලිස් පරී­ක්ෂක රුක්ෂාන් මහ­තාට ලැබුණු තොර­තු­ර­ක්‌ ­මත කළ වැට­ලී­ම­කින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රැම් 08කට වැඩි ප්‍රමා­ණ­යක් මෙසේ අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ.

දකුණු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්පති කිත්සිරි ජය­ලත්, ගාල්ල දිසා නියෝජ්‍ය පොලි­ස්පති ජගත් සේරම් යන නිල­ධා­රීන්ගේ අධීක්ෂ­ණය මත ඇල්පි­ටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරි ආර්. රන්දෙ­ණිය මහ­තාගේ මෙහෙ­ය­වී­මෙන් මේ වැට­ලීම සිදු­ කර තිබේ. ඇල්පි­ටිය කොට්ඨාස අප­රාධ මර්දන ඒක­කයේ ස්ථානා­ධි­පති පොලිස් පරී­ක්ෂක බස්නා­යක, දූෂණ මර්දන ඒක­කයේ ස්ථානා­ධි­පති පොලිස් පරී­ක්ෂක රුක්ෂාන් පොලිස් සැර­ය­න්ව­රුන් වන ක්‍රිෂාන්ත (5462), ජය­ලාල් (58469), පොලිස් කොස්තා­ප­ල්ව­රුන් වන උද­ය­කු­මාර (82030), ජය­සූ­රිය (106907), විතා­නච්චි (106103), සිවිල් ආර­ක්ෂක (10864) අජිත් යන නිල­ධා­රීන් වැට­ලීම සිදු­ කැර තිබේ.

(දිනම්ණ ඇසුරෙන් – බළ­පි­ටිය විශේෂ,කර­න්දෙ­ණිය සමූහ)

Follow by Email
LinkedIn
Share
WhatsApp