
දකුණු ආසියාතික කලාපයේ එච්අයිවී වසංගතයක් සඳහා පාකිස්තානය කේන්ද්‍රස්ථානයක් වීමෙන් වළක්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන එරට බලධාරීන්ගෙන් ඉල්ලා සිටි බව විදෙස් මාධ්‍ය සඳහාන් කරයි.
පසුගිය 1 වැනිදාට යෙදී තිබූ ලෝක ඒඩ්ස් දිනය නිමිත්තෙන් එම නිවේදනය නිකුත් කැර ඇති අතර, එදින එම සංවිධානවල නියෝජිතයන් සහ පාකිස්තානයේ සෞඛ්‍ය අමාත්‍යාංශය ඒකාබද්ධව ජනතාව දැනුම්වත් කිරීමේ වැඩසටහන් ද ක්‍රියාත්මක කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහාන් කරයි. 2010 වන විට පාකිස්තානයේ එච්අයිවී ආසාදිතයන් 16,000ක් සිටි බවත්, පසුගිය වසර වන විට එම සංඛ්‍යාව 48,000 දක්වා 200%කට වඩා ඉහළ ගොස් ඇති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
පාකිස්තානයේ කරච්චි නගරයේ පිහිටි දිළිඳු සහ ජනාකීර්ණ ප්‍රදේශයක් වන සින්ද් කාර්මික ජනපදයේ කුඩා දරුවන් 15 දෙනකුට වැඩි පිරිසක් එච්අයිවී වයිරසයට ගොදුරු වී ඇතැයි හඳුනාගෙන ඇති අතර, එම කාලය ඇතුළත අවම වශයෙන් දරුවන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි ද වාර්තා වේ.
දිනමිණ ඇසුරෙන්
