
එස්.එස්.සී. ක්‍රිකට් පාසලේ අවුරුදු 13න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ දිලේන් සෙනෙහස් දිසානායක පසුගිය දා මැලේසියාවේ පැවැති ආරාධිත විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේදී හොඳම පිතිකරු ලෙස සම්මානයට පාත්‍ර වි ඇත.
මැලේසියාවේ සෙන්නා ක්‍රිඩා සමාජ ක්‍රිකට් ඇකඩමිය සහ පුට්‍රජය ක්‍රිකට් සංගමයේ කණ්ඩායම් අතර පැවැති තරගයේදී එස්.එස්.සී. ක්‍රිකට් පාසලේ දිලේන් සෙනෙහස් දිසානායක මෙම සම්මානයට පාත්‍ර වී ඇත. මෙහි දී විවිධ වයස් කාණ්ඩවලට අයත් ක්‍රිකට් කණ්ඩායම් 4ක් මැලේසියාවේ දී තරග වැදී ඇත.
කොළඹ ආනන්ද විදුහලේ නැඟී එන වේගපන්දු යවන්නකු වන 12 හැවිරිදි දිලේන්, ශ්‍රි ලංකාවේ ජාතික කනිෂ්ඨ අංශයේ ගොල්ෆ් ක්‍රීඩකයකු ද වෙයි.
