Impartial news reporting for a stronger democratic society
එජාප- සජබ දීගයට මම බාධකයක් නම් ඉවත්වන්න සූදානම් –  රනිල් කියයි

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය අතර එක්වීමට සිය පක්ෂ නායකත්වය බාධාවක් නම්, පක්ෂ නායකත්වයෙන් ඉවත්වීමට තමා සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පවසයි.

ඒ මහතා මෙසේ පවසා ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පෙරේදා (17) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමට එක්වෙමිනි.

පක්ෂ දෙක අතර සාකච්ඡාවේ ප්‍රගතිය සම්බන්ධයෙන් නිල වාර්තාවක් මෙතෙක් තමන් වෙත ලැබී නැති බවද ඒ මහතා එහිදී සඳහන් කැර ඇත.

 විපක්ෂයේ සියලු පක්ෂ එක්ව ලබන වසරේ සිට ප්‍රබල ජන බලයක් ගොඩනැංවිය යුතු හෙයින් ඉක්මනින් පක්ෂ දෙක අතර එකඟතාවකට පැමිණීම මේ මොහොතේ සිදු විය යුතු බව එහිදී වික්‍රමසිංහ මහතා සඳහන් කර තිබේ.

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය ගොඩනඟන සන්ධානය පිළිබඳ මීට පෙර අවස්ථා ගණනාවකදී දෙපාර්ශ්වයේ නියෝජිතයන් අතර සාකච්ඡා පවත්වා තිබෙනවා.

Follow by Email
LinkedIn
Share
WhatsApp