Impartial news reporting for a stronger democratic society
“එක්ස්ප්‍රස් පර්ල් ” දේශිය සමාගමේ 7කට රටින් පිටවීම තහනම් !

මෙරට මුහුදු තීරයේදී ගින ගැනීමට ලක් වූ  එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ දේශීය නැව් සමාගමේ නියෝජිතයින් හත් දෙනකුට රටින් පිටවීම තහනම් කරමින් විදෙස් ගමන් තහනම් නියෝගයක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඕෂද මිගාර මහාරච්චි ඊයේ (14) නිකුත් කෙළේය.
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඊමේල් පද්ධතිය මකා දමා නැවෙහි කිසිදු අන්තරාවක් නොමැති බවට හාබර් මාස්ටර්වරයා නොමග යවමින් නැව ශ්‍රී ලංකා මුහුදු තීරයට ඇතුල් කිරීමට අවසරය ලබා ගෙනීම සම්බන්ධයෙන් රහස් පොලිසිය සිදුකරන විමර්ශනය කැඳ වූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කෙරිණි.
නීතිපතිවරයා වෙනුවෙන් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් මාධව තෙන්නකෝන් කරුණු දක්වමින් කියා සිටියේ, මෙම විමර්ශනය බොහෝ දුරට අවසන් කර ඇති බැවින් ඉදිරි නීතිමය ක්‍රියා සම්බන්ධයෙන් නීතිපතිවරයා සාකච්ඡා කරමින් පවතින බවය. ඒ අනුව සැකකරුවන් රටින් පිටවීම වලක්වමින් තහනම් නියෝගයක් පනවන ලෙසට ඔහු ඉල්ලා සිටියේය.
ඒ අනුව සැකකරුවන්ටත් පිටවීම තහනම් කළ මහේස්ත්‍රාත්වරයා විමර්ශන ප්‍රගතිය අප්‍රේල් 23 වැනි දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කෙළේය.

(
lankadeepa – රෝෂන් තුෂාර)

Follow by Email
LinkedIn
Share
WhatsApp