
මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍රය විභාගයට පෙර පිට වූ බවට පළ වන වාර්තා සම්බන්ධයෙන් සොයා බැලීම සදහා විභාග දෙපාර්තමේන්තුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ මහත්මිය “දිනමිණ“ කළ විමසීමේදී ඊයේ (23) පැවසුවාය.
මෙවර උසස් පෙළ විභාගයේ ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍රය පිට වී ඇති බවට පසුගිය දිනයන්හි සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ වාර්තා පළ වූ බවත් අදාළ වාර්තා සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව විමර්ශනයක් සිදු කළ අතර එහිදී එවැනි සිදුවීමක් පිළිබඳ කිසිදු නිවැරදි තොරතුරක් අනාවරණය කර ගැනීමට නොහැකි වූ බවත් ඇය ප්‍රකාශ කළාය.
මෙම ප්‍රශ්න පත්‍රය කොතැනකදී, කවදා පිට වූවා ද යන්න සම්බන්ධයෙන් නිසි තොරතුරක් නොවන බවත් අදාළ පරීක්ෂණ සිදු කර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කරුණු අනාවරණය කර ගනු ඇති බවත් ඇය පැවසුවාය. (දිනමිණ ඇසුරෙන්)
සන්ධ්‍යා කරුණාරත්න
