
ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව ගණනය කළ මෙරට උද්ධමනය, 2025 නොවැම්බර් මාසයේදී සියයට 2.4ක් ලෙස වාර්තා වූ අතර, එය 2025 දෙසැම්බර් මාසයේදී සියයට 2.9ක් දක්වා ඉහළ ගොස් ඇත.
එමෙන්ම, 2025 නොවැම්බර් මාසයේදී සියයට 3.6ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ උද්ධමනය, 2025 දෙසැම්බර් මාසයේදී සියයට 4.4ක් දක්වා වැඩි වී ඇති බවද සඳහන් වේ. තවද, 2025 නොවැම්බර් මාසයේදී සියයට 1.5ක් වූ ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය, 2025 දෙසැම්බර් මාසයේදී සියයට 1.6ක් දක්වා ඉහළ ගොස් ඇත.
මෙම තොරතුරු ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2025 දෙසැම්බර් මාසය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකය සහ මාසික පාරිභෝගික උද්ධමනය ප්‍රකාශයට පත් කරමින් අනාවරණය කැර ඇත.
By Chitral Jayawarna
