Impartial news reporting for a stronger democratic society
උතුරු කොරියාවේ නායකත්වයට යළිත් උන්ග් පත් වෙයි

උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන්ග් යළිත් වරක් කම්කරු පක්ෂයේ නායක ලෙස තේරී පත්වී ඇත.

පක්ෂ සම්මේලනයේදී නියෝජිතයන් කිම්ගේ නායකත්වය යටතේ රටේ න්‍යෂ්ටික අවි ගබඩාව ශක්තිමත් කිරීම සහ කලාපීය ස්ථාවරය වර්ධනය කිරීම සම්බන්ධයෙන් ඔහුට ප්‍රශංසා කළ බව සඳහාන් වේ.

ඉදිරි වසර පහ සඳහා දේශපාලන හා මිලිටරි ඉලක්ක ගෙනහැර දැක්වීමට අපේක්ෂා කරන මෙම සම්මේලනය, ආසියාවේ එක්සත් ජනපද සහචරයින්ට සහ අමෙරිකානු ප්‍රධාන භූමියට තර්ජනය කළ හැකි මිසයිල හැකියාවන් සහිත න්‍යෂ්ටික අවි වැඩසටහන තවදුරටත් වේගවත් කිරීමට උත්සාහ කරන ඇඟවීමක් බව විශ්ලේෂකයින් පෙන්වා  දෙයි.

සම්මේලනයේදී පක්ෂයේ බලවත් මධ්‍යම කාරක සභාව සඳහා නව සාමාජික ලැයිස්තුවක් ද නිකුත් කර තිබේ.

Follow by Email
LinkedIn
Share
WhatsApp