
ගාසා තීරයේ සිදු කළ බව කියන යුද අපරාධ සම්බන්ධයෙන් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ඇතුළු පුද්ගලයන් 37 දෙනකුට Turkish රජය වරෙන්තු නිකුත් කැර ඇත. ඊශ්‍රායල අගමැතිවරයා සමඟ එරට ආරක්ෂක ඇමැති ඉස්රායිල් කැට්ස්, ජාතික ආරක්ෂක ඇමැති ඉටාමර් බෙන් ග්වීර්, හමුදාපති ඉයාල් සමිර් ඇතුළු පුද්ගලයන්ට වරෙන්තු නිකුත් කළ බව Turkish රජයේ වැඩි දුරටත් කියයි. ගාසා තීරයේ යුද අපරාධවලට අමතරව පලස්තීනුවන්ට ආධාර රැගෙන ගිය ෆ්ලෝටිලා යාත්‍රා සමූහය අවහිර ැර එහි සිටි පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම ඇතුළු චෝදනා රැසක් සම්බන්ධව එම වරෙන්තු නිකුත් කළ බව Turkish රජයේ අභිචෝදක අංශය වැඩිදුරටත් ප්‍රකාශ කළ බව සී.එන්.ඒන් පුවත් සේවය සඳහන් කෙකෙය.
Turkish රජය වරෙන්තු නිකුත් කරනු ලැබීමත් සමඟ ක්ෂණික ප්රතිචාර දක්වමින් ඊශ්‍රායල රජය එම වරෙන්තුව හෙළා දැකීමේ ප්රකාශයක් නිකුත් ැර ඇති අතර, සිය ප්රතිවාදී දේශපාලනඥයන්ගෙන් පළි ගැනීමට Turkish ජනාධීපතිවරයා නීතිය අවභාවිත කරන බවට චෝදනා කැර ඇතැයි සදහාන් කරයි. මේ අතර නිවේදනයක් නිකුත් කරමින් හමාස් සංවිධානය ඊශ්‍රායල අගමැතිවරයා අත්අඩංගුවට ගැනීම සඳහා Turkish රජය වරෙන්තු නිකුත් කිරීම පැසසුමට ලක් කැර ඇත.
