
ඊශ්‍රායලය සහ අමෙරිකාව එක්ව ඉරානයේ ටෙහෙරාන් අගනුවරට මිසයිල ප්‍රහාර එල්ලකර තිබේ.
ඒ බව තහවුරු කරමින් ඊශ්‍රායල් ආරක්ෂක ඇමැතිවරයා පවසා ඇත්තේ ඉරානයට ප්‍රහාර එල්ල කළ බවයි.
මෙම ප්‍රහාරයත් සමඟ ඇති විය හැකි තත්ත්වයන් සලකා බලා ඊශ්‍රායලය තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට එරට ආරක්ෂක ඇමැතිවරයා පියවර ගෙන ඇත.
මේ අතර ඉරාන රාජ්‍ය මාධ්‍ය රටේ අගනුවර නැඟෙනහිර සහ උතුරේ තවදුරටත් පිපිරීම් වාර්තා කරන විට, ටෙහෙරානයේ දුමාරයක් නැඟෙන ආකාරය පිළිබඳ ඡායාරූප බීබීසී ප්‍රසිද්ධ කැර තිබේ.
