Impartial news reporting for a stronger democratic society
ඊශ්‍රායලය විනාශ කළ ගාසාව ‘ ස්මාර්ට් නග­ර­යක් ’ කරන්න ට්‍රම්ප් සිහින දකි ——————————————————————– ගාසා තීරයේ මිය ගිය – අව­තැන් වූ පල­ස්තී­නු­වන් ගැන ට්‍රම්ප්ට සිහින පෙනී නැහැ

ඡායාරූපය- BBC

ඊශ්‍රායලය විසින්  විනාශ කැර දැමු ගාසාව  සුඛෝ­ප­භෝගී නිවාඩු නිකේ­තන සහිත ‘ ස්මාර්ට් නග­ර­යක් ’ බවට පත් කිරීම සඳහා අමෙ­රි­කානු ජනා­ධි­පති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බෑණනුවන් වන ජරේඩ් කුෂ්නර් සහ මැද­පෙ­ර­දිග විශේෂ නියෝ­ජිත ස්ටිව් විට්කොෆ් ඩොලර් බිලි­යන 112ක ව්‍යාපෘ­ති­යක් සැල­සුම් කැර ඇතැයි අමෙ­රි­කාවේ වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත් සේවය සඳහාන් කෙළේය.

අධි­තා­ක්ෂ­ණ­යෙන් යුතු නග­ර­යක් ලෙස ගාසා තීරය සංව­ර්ධන කිරී­මේදී අමෙ­රි­කාව වැඩි කාර්ය­භා­ර­යක් සිදු කිරී­මට නිය­මිත බවත්, එම ආයෝ­ජ­න­යෙන් 20%ක මුද­ලක් අමෙ­රි­කාව වැය කරනු ඇති බව වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත් සේවය වැඩි­දු­ර­ටත්  සඳහාන් කරයි.

 ‘සන්ර­යිස් ව්‍යාපෘ­තිය’ ලෙස නම් කැර ඇති ගාසා ස්මාර්ට් නගර සැල­සුම වසර 10ක ව්‍යාපෘ­ති­යක් වන අතර, ඒ සඳහා ආයෝ­ජ­ක­යන් ආක­ර්ෂ­ණය කැර ­ගැ­නීම සඳහා රට­වල් 32කට යොමු කර ඇතැයි ද වාර්තා වේ. සුඛෝ­ප­භෝගී හෝටල්, අධි­වේගී දුම්රිය සහ කෘත්‍රිම බුද්ධිය ඇසු­රින් නිර්මා­ණය කළ නව තාක්ෂ­ණික සන්නි­වේ­දන පද්ධති ඇතු­ළත් මේ ව්‍යාපෘ­තිය මඟින් ගාසා තීරය මධ්‍ය­ධ­රණි වෙරළ තීරයේ වඩාත්ම කාර්ය­බ­හුල අග­න­ග­ර­යක් බවට පත් වනු ඇතැයි ද අමෙ­රි­කාවේ විශ්වා­සය වී තිබේ.

ඡායාරූපය- රොයිටර්

ඉදි­රි­යේදී ගාසා තීරයේ සිදු විය යුතු­ වන්නේ ප්‍රති­සං­ස්ක­ර­ණය පම­ණක් නොවන බවත්, එය අති නවීන යටි­තල පහ­සු­කම්, නාග­රික සැල­සුම් සහ තාක්ෂ­ණය සමඟ මැද­පෙ­ර­දිග සමෘ­ද්ධියේ දොර­ටු­වක් ලෙස සංව­ර්ධ­නය කිරී­මට මේ ව්‍යාපෘ­තිය ඉව­හල් වනු ඇති බවත් එම ආයෝ­ජන ව්‍යාපෘ­තියේ ප්‍රචා­රක පටයේ සට­හන් වී ඇතැයි වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත් සේවය සඳ­හන් කරයි.

කුෂ්නර් සහ විට්කොෆ් එක්ව දින 45ක් පුරා සැල­සුම් කරනු ලැබූ එම ව්‍යාපෘ­තිය සඳහා ඊශ්‍රා­යල ආර­ක්ෂක විශේ­ෂ­ඥ­ව­රු­න්ගෙන් උප­දෙස් ලබා ඇති අතර, ව්‍යාපෘ­තිය සඳහා අර­මු­දල් ගොඩනැඟී­මේදී පද­නම් කැර­ගන්නා රට­වල් හෝ සමා­ගම් කව­රේ ­දැයි මෙතෙක් අනා­ව­ර­ණය වී නැති බව සඳහාන්ය.

මේ දැවැන්ත සංව­ර්ධන ක්‍රියා­ව­ලි­යේදී ගාසා තීරයේ අව­තැන් වූ මිලි­යන 2ක පල­ස්තී­නු­වන්ට නිවාස ලබා දීම සඳහා අවශ්‍ය තොර­තුරු එහි සඳ­හන් නොවන අතර, ඊශ්‍රා­යල ගුවන් ප්‍රහා­ර­ව­ලින් වසර දෙකක කාල­යක් විනාශ වූ ගාසා තීරයේ මේ වන­විට ගොඩ ගැසී ඇති ටොන් මිලි­යන 68ක සුන්බුන් ඉවත් කිරීම පම­ණක් ඇස්ත­මේන්තු කර ඇති බව සඳහාන්ය.

 කෙසේ වුවත් හමාස් සංවි­ධා­නය නිරා­යුධ කිරීමේ කොන්දේ­සි­යක් සාම සැල­සු­මට ඇතු­ළත් කැර ඇති බැවින් ගාසා සංව­ර්ධන සැල­සුම සාර්ථක වීම සැක සහිත බව අමෙ­රි­කානු යුද විශේ­ෂ­ඥ­යන් ප්‍රකාශ කැර ඇතැයි ද සඳහාන් වේ.

(Source- Dinamina)

Follow by Email
LinkedIn
Share
WhatsApp