
ඊශ්‍රායලයේ රසායනික කම්හලකට එල්ල වූ ඉරාන බැලැස්ටික් මිසයිල ප්‍රහාරයකින් එම කම්හල සම්පුර්ණයෙන්ම ගිනිබත් වූ බව අනාවරණය වෙයි.
මේ ප්‍රහාරයෙන් ජීවිත හානි සිදු නොවුවද, ගින්නත් සමඟ රසායනික කම්හලේ ද්‍රව කාන්දුවක් සිදුවීමේ අවදානමක් මතුවී ඇතැයි විදෙස් මාධ්‍ය සඳහාන් කරයි.
මේ අතර දකුණු ඊශ්‍රායලයේ බීර්ශෙබා නගරයේ පිහිටි කාර්මික කලාපයට එල්ල වූ මිසයිල ප්‍රහාරයකින් පුද්ගලයන් 11 දෙනකු තුවාල ලැබූ බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කැර තිබේ. ගින්න පැතිරීයෑම වළක්වමින් ඊශ්‍රායලයේ ගිනිනිවන හමුදාව සහ ආපදා කළමනාකරණ කණ්ඩායම් එක්ව ගින්න නිවා දැමු බව සඳහාන් වුවද, මේ අවස්ථාව වන විටත් ගින්න පවතින බව විදේශ මාධ්‍ය සඳහාන් කරයි. තවදුරටත් ප්‍රහාර එල්ල වීමේ අවදානම මත එම ප්‍රදේශයේ ජනතාව ඉවත් කිරීමට ඊශ්‍රායල ආරක්ෂක හමුදාව පියවර ගෙන තිබෙන බව විදේශ මාධ්‍ය කියයි.
