
” සිනමාව ” වචනවලට පෙරළිය නොහැකි හැඟීම් සහ සිතුවිලි එළියට ඇද දමන ,මිනිස් ආත්මයට කතා කරන ප්‍රධාන සන්නිවේදන මෙවලමකි.
ඉරාන ඉස්ලාමීය ජනරජය යනු, ගුණාත්මක චිත්‍රපට නිපදවන ලොව ප්‍රමුඛතම නිෂ්පාදකයෙකි. ඉරාන චිත්‍රපටවලට සමාන කළ හැක්කේ චීන චිත්‍රපට පමණි. ලෝක සිනමාවේ වැදගත්ම රට ඉරානය සිනමා ක්ෂේත්රය බව සිනමා විචාරකයෝ දැන් පෙන්වා දී ඇත. සිනමාව තුළ ඔවුන් පිළිපදින කලාත්මක සූක්ෂමතාව සහ විශ්මය ජනක බව විචාරකයෝ පෙන්වා දෙති. ඉරාන සිනමාව පසුගිය වසර විස්සක කාලය තුළ ජාත්‍යන්තර චිත්‍රපට උළෙලවලදී සම්මාන රැසක් දිනාගෙන තිබේ.
ලෝක ප්‍රකට ඔස්ට්‍රියානු චිත්‍රපට අධ්යක්ෂ මයිකල් හැනෙක් සහ ජර්මානු චිත්‍රපට නිෂ්පාදක වර්නර් හර්සොග් ඉරාන සිනමාව, ලොව වැදගත්ම කලාත්මක චිත්‍රපට නිපදවන තෝතැන්නක් බව ලොව පුරා සිටින බොහෝ සිනමා විචාරකයන් සමඟ අගය කැර ඇත.
ඉරාන සිනමාව ලෝකයේ අවධානයට පත්වන්නේ 80 දශකයෙ අග සහ 90 දශකයෙ මුල සිටය. 1932 අවුරුද්දේ පළමුවැනි කතා නාද චිත්‍රපටය නිර්මාණය වීමත් සමඟ සිනමාපට බිහිවීම දිගින් දිගටම සිදු වුණත්, කැපීපෙනෙන දියුණුවක් ඉරාන සිනමාව තුළ ඇති වන්නේ 80 අග පටන් බව කිවයුතුය. කලාත්මක සිනමාවෙන් පන්නරය ලද, තමන්ගෙම අනන්‍යතාවක් සහිත සිනමාවක් බිහි කැර ගැනීමට ඉරාන සිනමාකරුවන් සමත් වූහ.
මැදපෙරදිග මේ කලාපය නිරන්තර යුද ගැටුම්, දේශපාලන අවුල් වියවුල්වලින් පිරීගිය තැනක් වුවද , ඉරාන සිනමාවේදීන්ගේ කලාව වැඩිදියුණු වෙන්නෙ එවැනි පසුබිමක වීම විශේෂත්වයකි.විශේෂයෙන්, ඉරානය තුළ තිබෙන සංස්කෘතික නීති රීති හමුවේ මේ සිනමාකරුවන්ට තමන්ගේ නිර්මාණ ඇතුළේ යම් සීමාවන් පනවා ගන්න බොහෝ අවස්ථාවලදි සිදු වුවත්, ඔවුන් ඒ අභියෝගය ජයගන්නේ ඉතාම නිර්මාණශීලීව බව කිවයුතුය. ඔවුන් වඩා සංයමයකින් යුතුව ඉරාන සිනමාව හරහා ස්වකීය නිර්මාණ ශක්තිය ලෝකය ඉදිරියේ ප්‍රදර්ශනය කිරීමට සමත් වී සිටිති.
අබ්බාස් කිරොස්තාමි, අස්ගර් ෆර්හාඩි, මජීඩ් මජීඩි වැනි අය ඉරාන සිනමාව ලෝක මට්ටමට ගෙන ඒමට දායක වුණ සිනමාකරුවන් විදිහට හඳුනා දීම වැදගත්ය. ලෝකයේ තිබෙන ප්‍රධාන පෙළේ හැම සිනමා උළෙලකදීම ඔවුන්ගේ චිත්‍රපට ඇගයීමට ලක්වී තිබේ. 1998 අවුරුද්දෙ කිරොස්තාමිගේ Taste of Cherry සිනමාපටයට ප්‍රංශයේ කාන්ස් සිනමා සම්මාන උලෙළේ දී පිරිනමන ඉහළම සම්මානය වු palme d’or සම්මානය හිමි විය. ෆර්හාඩි ගේ The Separation, The Salesman චිත්‍රපට ඔස්කාර් සම්මාන උලෙළේ දී හොඳම විදෙස් භාෂා චිත්‍රපටවලට හිමි සම්මානයෙන් පිදුම් ලැබීම ඒ ජයග්රහණයන් උපරිම මට්ටමකට ගෙන ඒමට සමත් වීමකි .
ජීවිතේ කටුක ස්වරූපය ඒ අයුරුන්ම සිනමාවට නගන යථාර්ථවාදී සිනමාවක් විදිහට අපිට ඉරාන චිත්‍රපට හඳුනා දිය හැකිය.
විශේෂයෙන් ෆර්හාඩි වැනි සිනමාකරුවෙක් ඉරාන සමාජයේ සංස්කෘතික පසුබිම, පවුල ඇතුළේ එකිනෙකා මත පැටවෙන අධිපතිත්වය, ඒ නිසා ඇතිවෙන මත ගැටීම් සහ මානසික බිඳවැටීම් තමන්ගේ චිත්‍රපටවලට වස්තු විෂය කැර ගැනීම විශේෂත්වයකි. ඔහුගේ About Elly චිත්‍රපටය තිරගත වෙන්නේ 2009 වර්ෂයේය. ලොව පුරා ඩොලර් මිලියන හතක ආදායම් වාර්තාවක් සමඟ About Elly ඉතිහාසයේ දෙවැනි වැඩිම ආදායමක් ඉපැයූ ඉරාන චිත්‍රපටය බවට පත් විය. ප්‍රථම ස්ථානය හිමිවෙන්නෙ ෆර්හාඩි ගේ ම A Separation චිත්‍රපටයටය.
කලාත්මක අතින් වගේම ආදායම් අතිනුත් සාර්ථක සිනමා නිර්මාණයන් බිහි කැර ගැනීමට හැකිවීම ඉරානය ලැබුව සුවිශේෂ ජයග්‍රහණයක් බව මෙහිදී සඳහාන් කිරීම වැදගත්ය.

Close Up
තමන් ගැන කතාකරද්දි කිසිම කෙනෙක් මුළුමණින්ම අවංක නෑ”. ඒ බව කියන්නෙ ජපන් සිනමාකරු අකිරා කුරසාවා. අපි නිතරම සමාජය ඉදිරියේ පෙනී ඉන්න උත්සාහ කරන්නේ සමාජය අපිව දකින්න කැමති ස්වරූපයකිනි. එතනදි හැම කෙනෙකුම තමන් වටා යම් අනන්‍යතාවන් ගොඩනගා ගනී. නොඑසේ නම් යම් ආකාරයකින් තමන්වම ප්රබන්ධකරණය කැර ගැන්මයි. පුද්ගල පෞරුෂය කියන්නේ අන්න එහෙම අපි නිර්මාණය කැර ගත්ත පුද්ගලභාවයටයි.
Close up චිත්‍රපටයෙ සබ්සියාන් මේ ස්වභාව තවත් දුරට ගෙනයමින් තමන්ගෙ සැබෑ අනන්‍යතාව සඟවල තමන් වඩා ප්‍රිය කරන චරිතයකට ආරෝපණය වීමට උත්සාහ දරයි. සබ්සියාන් සිනමාවට කලාවට හිත ඇති චරිතයක්. සරලවම කිව්වොත් චිත්‍රපට පිස්සෙක්. එක් මොහොතකදි ඔහු ගේ සිනමා ලෝලීත්වය ඔහුගේ සැබැ අනන්‍යතාව යට කැර ගෙන ඉහළට මතු වේ. ඔහුගේ ආශාව විසින් ඔහුව මෙහෙයවනු ලබයි. තමන්ගෙ සැබෑ ජීවිතේ කිසිවක් නැති හිස්කම තමන් ආශා කරන දෙයින් වසාගන්න ඔහු උත්සහ දරයි. කිරොත්සාමි ඔහුවටා ගොඩනැගෙන ප්‍රබන්ධයත් ඒ තුළ ඉන්න සැබෑ ඔහුවත් මේ චිත්‍රපටයෙන් අපිට දැකගන්න සලස්වයි.
අනෙක් අතින් Close up චිත්‍රපටය සිනමාකරුවෙක්, කලාකරුවෙක් වීමේ අර්ථය කුමක්ද යන්න කාරණය ඉතාම හොඳින් පැහැදිලි කරයි. හොඳ චිත්‍රපටයකින් කොයිතරම් බලපෑමක් කළ හැකි ද කියන කාරණය මේ චිත්‍රපටයෙන් මතුවෙයි. එක් කුඩා සිදුවීම් මාත්‍රයක් අරගෙන සිනමාව යනු ඇත්තටම කොයි වගේ දෙයක්ද කියන දෙයත් මනුස්සයෙකුගේ ඇතුළාන්ත ගැඹුර එයින් නිරූපිත වෙන ආකාරයත් කියරොත්සාමි අපිට පෙන්වා දෙයි.
1989 අවුරුද්දේ දවසක ඉරානයෙ Sorush සඟරාවෙ පළවෙන හරි අපූරු ප්‍රවෘත්තියක් එරටේ මහා සිනමාකරු අබ්බාස් කියරොස්තාමිට දැකගන්නට ලැබේ. ඒ හොසේන් සබ්සියාන් නම් පුද්ගලයෙක් තවත් ඉරාන සිනමාකරුවෙක් වුණු මොෂේන් මක්මල්බාෆ් නමින් තමන්ව හඳුන්වා දෙමින් එක් පවුලක් දින කිහිපයක් තිස්සේ රවටා ඇති ආකාරය පිළිබඳවයි. සබ්සියාන්ව අත්අඩංගුවට ගෙන ඇති බවයි ප්‍රවෘත්තියේ සඳහන්වී තිබුණේ. මේ සිදුවීම දුටු සැණින් කියරොත්සාමි තමන් වැඩකරමින් උන් චිත්‍රපටයෙ කටයුතුත් නතර කරල වහාම මේ සබ්සියාන් මුණ ගැහෙන්න පිටත්ව යයි. පසුව සබ්සියාන මුණගැහෙන අවස්ථාවත් ඔහුගේ නඩු විභාගයත් කියරොත්සාමි රූගත කරයි. Close up චිත්‍රපටය නිර්මාණය වන්නේ මේ සැබෑ සිදුවීමත් ඉන්පසු පිටපතට අනුව රඟදැක්වූ තවත් දර්ශන කීපයකුත් එකතුවෙන්. මේ නිසා close up අර්ධ වශයෙන් වාර්තාමය චිත්‍රපටයක් විදිහටත් නම් කළ හැකියි.
Close up ප්රබන්ධයේත් යථාර්ථයේත් සීමා ඉර සෑහෙන දුරට බොඳ කරයි. මේ කතා පුවත කල්පිතයක් නොවෙයි. එය සැබෑවක්. අදාළ සියලු චරිත නිරූපණය කරන්නේ ඒ සිදුවීමට මුහුණ දුන් අයමයි. සබ්සියාන්, මක්මල්බාෆ්, කියරොත්සාමි ඇතුළු හැම කෙනෙක්ම තමන්ගේ නමින් ම තම චරිතය රඟදක්වති.
චිත්‍රපටයේ හමුවෙන ප්‍රබන්ධය තමයි සබ්සියාන්ගේ චරිතය. ඔහුමයි තමාව වෙනත් කෙනෙක් බවට ප්රබන්ධකරණය කැර ගන්නේ. ඒ හරහා මතුවෙන ඇත්ත නිරාවරණය වෙන්නේ ඔහුගේම ජීවිතය දිහා සමීපව දැකගන්න ලැබෙන මොහොතේයි.
චිත්‍රපටයෙ සබ්සියාන් මේ ස්වභාව තවත් දුරට ගෙනයමින් තමන්ගෙ සැබෑ අනන්‍යතාව සඟවල තමන් වඩා ප්‍රිය කරන චරිතයකට ආරෝපණය වීමට උත්සාහ දරයි. සබ්සියාන් සිනමාවට කලාවට හිත ඇති චරිතයක්. සරලවම කිව්වොත් චිත්‍රපට පිස්සෙක්. එක් මොහොතකදි ඔහු ගේ සිනමා ලෝලීත්වය ඔහුගේ සැබැ අනන්‍යතාව යට කැර ගෙන ඉහළට මතු වේ. ඔහුගේ ආශාව විසින් ඔහුව මෙහෙයවනු ලබයි. තමන්ගෙ සැබෑ ජීවිතේ කිසිවක් නැති හිස්කම තමන් ආශා කරන දෙයින් වසාගන්න ඔහු උත්සහ දරයි. කිරොත්සාමි ඔහුවටා ගොඩනැගෙන ප්‍රබන්ධයත් ඒ තුළ ඉන්න සැබෑ ඔහුවත් මේ චිත්‍රපටයෙන් අපිට දැකගන්න සලස්වයි.
අනෙක් අතින් Close up චිත්‍රපටය සිනමාකරුවෙක්, කලාකරුවෙක් වීමේ අර්ථය කුමක්ද යන්න කාරණය ඉතාම හොඳින් පැහැදිලි කරයි. හොඳ චිත්‍රපටයකින් කොයිතරම් බලපෑමක් කළ හැකි ද කියන කාරණය මේ චිත්‍රපටයෙන් මතුවෙයි. එක් කුඩා සිදුවීම් මාත්‍රයක් අරගෙන සිනමාව යනු ඇත්තටම කොයි වගේ දෙයක්ද කියන දෙයත් මනුස්සයකුගේ ඇතුළාන්තයේ ගැඹුර එයින් නිරූපිත වෙන ආකාරයත් කියරොත්සාමි අපිට පෙන්වා දෙයි.
1989 අවුරුද්දේ දවසක ඉරානයෙ Sorush සඟරාවෙ පළවෙන හරි අපූරු ප්‍රවෘත්තියක් එරටේ මහා සිනමාකරු අබ්බාස් කියරොස්තාමිට දැකගන්නට ලැබේ. ඒ හොසේන් සබ්සියාන් නම් පුද්ගලයෙක් තවත් ඉරාන සිනමාකරුවෙක් වුණු මොෂේන් මක්මල්බාෆ් නමින් තමන්ව හඳුන්වා දෙමින් එක් පවුලක් දින කිහිපයක් තිස්සේ රවටා ඇති ආකාරය පිළිබඳවයි. සබ්සියාන්ව අත්අඩංගුවට ගෙන ඇති බවයි ප්‍රවෘත්තියේ සඳහන්වී තිබුණේ. මේ සිදුවීම දුටු සැණින් කියරොත්සාමි තමන් වැඩකරමින් උන් චිත්‍රපටයෙ කටයුතුත් නතර කරල වහාම මේ සබ්සියාන් මුණ ගැහෙන්න පිටත්ව යයි. පසුව සබ්සියාන මුණගැහෙන අවස්ථාවත් ඔහුගේ නඩු විභාගයත් කියරොත්සාමි රූගත කරයි. Close up චිත්‍රපටය නිර්මාණය වන්නේ මේ සැබෑ සිදුවීමත් ඉන්පසු පිටපතට අනුව රඟදැක්වූ තවත් දර්ශන කීපයකුත් එකතුවෙන්. මේ නිසා close up අර්ධ වශයෙන් වාර්තාමය චිත්‍රපටයක් විදිහටත් නම් කළ හැකියි.
Close up ප්රබන්ධයේත් යථාර්ථයේත් සීමා ඉර සෑහෙන දුරට බොඳ කරයි. මේ කතා පුවත කල්පිතයක් නොවෙයි. එය සැබෑවක්. අදාළ සියලු චරිත නිරූපණය කරන්නේ ඒ සිදුවීමට මුහුණ දුන් අයමයි. සබ්සියාන්, මක්මල්බාෆ්, කියරොත්සාමි ඇතුළු හැම කෙනෙක්ම තමන්ගේ නමින් ම තම චරිතය රඟදක්වති.
චිත්‍රපටයේ හමුවෙන ප්‍රබන්ධය තමයි සබ්සියාන්ගේ ගේ චරිතය. ඔහුමයි තමාව වෙනත් කෙනෙක් බවට ප්රබන්ධකරණය කැර ගන්නේ. ඒ හරහා මතුවෙන ඇත්ත නිරාවරණය වෙන්නේ ඔහුගේම ජීවිතය දිහා සමීපව දැකගන්න ලැබෙන මොහොතේයි.
BY -Shifani zamaa

