
ඉරාන විප්ලවීය ආරක්ෂක හමුදාවේ බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරාල් මජීඩ් කඩාමි ඝාතනයට ලක්වූ බව ඊශ්‍රායල ආරක්ෂක ඇමැති ඉස්රායිල් කැට්ස් සහ ඉරාන හමුදාව තහවුරු කැර ඇතැයි විදෙස් මාධ්‍ය අනාවරණය කරයි.
ඊශ්‍රායල ජාතිකයන් ඝාතනය කිරීමට මේජර් ජෙනරාල්වරයා සෘජුවම වගකිව යුතු බව ඊශ්‍රායල ආරක්ෂක ඇමැතිවරයා සඳහන් කැර ඇති අතර, අමෙරිකානු – ඊශ්‍රායල ත්‍රස්ත ප්‍රහාරයකින් සිය බුද්ධි ප්‍රධානියා ජීවිතක්ෂයට පත්වූ බව ඉරාන ආරක්ෂක හමුදාව නිවේදනය කැර තිබේ.
ඉරාන යුද ගැටුමේ ආරම්භයේ සිටම ඊශ්‍රායලය, ඉරාන හමුදාවේ ජ්‍යෙෂ්ඨ නායකයන් රැසක් ඝාතනය කැර ඇති අතර, ඊයේ (06) ඝාතනයට ලක්වූ බුද්ධි ප්‍රධානියා එරට ඉහළම හමුදා නායකයකු බව ඊශ්‍රායල ආරක්ෂක ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ. ඉරානයේ ආරක්ෂාව වෙනුවෙන් විශාල කාර්භාරයක් ඉටු කළ මේජර් ජෙනරාල් මජිඩ් කඩාමි දශක 5කට ආසන්න හමුදා සේවයකට හිමිකම් කියන බව ඉරාන විප්ලවීය ආරක්ෂක හමුදාව නිකුත් කළ නිවේදනයේ සඳහන් කැර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහාන් කරයි. ඔහු ආරක්ෂක හමුදාවේ බුද්ධි ප්‍රධානියා ලෙස පත්වූයේ පසුගිය වසරේ ජූනි මාසයේදී ඊශ්‍රායල ප්‍රහාරයකින් හිටපු බුද්ධි ප්‍රධානී මොහොමඩ් කසීමි ජීවිතක්ෂයට පත්වීමෙන් පසුවය.( දිනමිණ ඇසුරෙන්)
