Impartial news reporting for a stronger democratic society
ඉරාන යුද්ධය පිටුපස කුමන්ත්‍රණයක් ! ඊශ්‍රායලය ට්‍රම්ප්ව ‘ගොනාට අන්දලා’ යුද්ධයට පටලලා !! – ජෝසප් කෙන්ට් ඉල්ලා අස්වෙයි

මැදපෙරදිග ගැටුම උග්‍ර වෙමින් පවතින මේ මොහොතේ, අමෙරිකානු ජාතික ප්‍රතිත්‍රස්ත මධ්‍යස්ථානයේ හිටපු අධ්‍යක්ෂ ජෝසප් කෙන්ට් විසින් සිය ඉල්ලා අස්වීමේ ලිපිය හරහා ඉතා බරපතළ හෙළිදරව්වක් සිදුකර ඇති බව අල්ජසීරා පුවත් සේවය වාර්තා කරයි.
කෙන්ට් පවසන පරිදි, ඔහු 2016, 2020 සහ 2024 වසරවලදී ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රමුඛ කළ “America First” විදේශ ප්‍රතිපත්තිය වෙනුවෙන් පෙනී සිටි පුද්ගලයෙකි. ට්‍රම්ප්ගේ පළමු ධුර කාලය තුළදී, අනවශ්‍ය යුද්ධවලට අමෙරිකාව ඇද දැමීමෙන් වළක්වා ගැනීමට ඔහුට පැහැදිලි අවබෝධයක් තිබූ බවද කෙන්ට් සඳහන් කරයි.

කෙසේ වෙතත්, දෙවන ධුර කාලය ආරම්භ වීමත් සමඟම තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වූ බව ඔහු චෝදනා කරයි. ඔහු අනාවරණය කරන්නේ, ඊශ්‍රායලයේ නායකත්වය ඇතුළු ඉහ නිලධාරීන් සහ අමෙරිකානු මාධ්‍යවල බලගතු පිරිස් එක්ව ඉතා සූක්ෂ්ම ලෙස වැරදි තොරතුරු ප්‍රචාරය කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කර ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ව මුලා කර ඇති බවයි. හරියටම එය බළලුන් ලවා කොස් ඇට බෑවීමක් බව අවධාරණය කර ඇත.

එමගින්, ඉරානයෙන් අමෙරිකාවට ක්ෂණික තර්ජනයක් පවතින බවත්, දැන්ම ප්‍රහාරයක් එල්ල කළහොත් ඉතා ඉක්මන් ජයග්‍රහණයක් ලබාගත හැකි බවත් පෙන්වා, ට්‍රම්ප්ව මුළා කර යුද්ධයකට ඇද දැමූ බව ලිපියේ දැක්වේ.
කෙන්ට්ගේ ප්‍රකාශය අනුව, මෙය හුදු දේශපාලනික තීරණයක් නොව, ඉතා සැලසුම්ගත “තොරතුරු යුද්ධයක්” වන අතර, ඒ හරහා “America First” ප්‍රතිපත්තිය පවා යටපත් කරමින් ඉරානය සමඟ ගැටුමකට පසුබිම සකස් කර ඇත.

ඔහු තවදුරටත් අවධාරණය කරන්නේ, මෙය ඊශ්‍රායලය විසින් අතීතයේදී ඉරාක යුද්ධය සඳහා අමෙරිකාව ඇද ගැනීමට භාවිතා කළ උපක්‍රමයම වන බවත්, ඉරාකය සම්බන්ද දුන් සියළුම තොරතුරු සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත්ය.

ඒ අනුව, මෙම චෝදනා අනුව පැහැදිලි වන්නේ, ඊශ්‍රායලයට සම්බන්ධ බලවේග විසින් ට්‍රම්ප්ව වැරදි තොරතුරු මගින් ගොනාට අන්දලා, ඉරානය සමඟ යුද්ධයකට පසුබිම සකස් කර ඇති බවට දැඩි සැකයක් මතුවීමයි.

මෙලෙස වයස අවුරුදු 80කට ආසන්න වන ට්‍රම්ප් ඇතුළු කණ්ඩායම විසින් මුළු ලෝකයම සැලසුම් සහගත අර්බුධයකට ඇද දමා ඇත.
මේ වයස අවුරුදු 80කට ආසන්න ට්‍රම්ප් සහ නෙතන්යාහු දෙදෙනා ලෝක ජනතාවට දැඩි පීඩනයක් එල්ල කරමින් ඇත්තේ මුළු ලෝකයම දැඩි ආර්ථික අර්බුදයකට ඇද දමමිනි.

(සටහන | Mahesh Sampath Dillimuni)
මාධ්‍යවේදී

උපුටා ගැනීම – Mahesh Sampath Dillimuni ගේ ෆේස්බුක් පිටුවෙන්..

Follow by Email
LinkedIn
Share
WhatsApp