Impartial news reporting for a stronger democratic society
 ඉරාන – චීන නියෝජිතයෝ  බිජීං නුවරදී හමු වෙති

චීනයේ නියෝජ්‍ය විදේශ ඇමැති මියාඕ දේයු ඊයේ (05) බීජිං නුවරදී ඉරානයේ නීති සහ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ නියෝජ්‍ය විදේශ  ඇමැති කසෙම් ගරිබාබාඩි හමුවි තිබේ.

ඉරානයේ වත්මන් තත්ත්වය සහ ඉරාන න්‍යෂ්ටික වැඩසටහනට අදාළ වර්ධනයන් පිළිබඳව ගරිබාබාඩි විස්තර කළ අතර, ඉරානය රාජ්‍ය තාන්ත්‍රික ක්‍රම මඟින් ගැටලු විසඳීමට කැපවී සිටින බවත් සාධාරණත්වය සහ යුක්තිය පදනම් කැර ගෙන සාකච්ඡා ඉදිරියට ගෙන යෑමට කැමැත්තෙන් සිටින බවත් අවධාරණය කැර ඇත.

ඉරානය සියලු  බලහත්කාරකම්වලට විරුද්ධ ව බවත්, කලාපීය සහ ගෝලීය සාමය සහ ස්ථාවරත්වය ආරක්ෂා කිරීම සඳහා චීනයේ දායකත්වය අගය කරන  බවත්, චීනය විශාල කාර්යභාරයක් ඉටු කිරීම ට ඉදිරිපත් වීම සාදරයෙන් පිළිගන්නා බව ගරිබාබාඩි මෙහිදී ප්‍රකාශ කැර තිබේ.

චීනය, ඉරානය සමඟ සහයෝගයෙන්  කටයුතු කරන බවත් ,එහි ස්වෛරීභාවය, ආරක්ෂාව සහ ජාතියේ ගෞරවය  පවත්වා ගැනීමට ටෙහෙරානයට සහාය දෙන බවත් මියාඕ  පවසා තිබේ.

ජාත්‍යන්තර සබඳතාවලදී ඒකපාර්ශ්වික හිරිහැර කිරීම් සහ බලහත්කාරයෙන් කටයුතු කිරීම්වලට චීනය විරුද්ධ වන  බවත්, අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගැසීමට විරුද්ධ වන බවත් මියාඕ ප්‍රකාශ කැර ඇත.

එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ අරමුණු සහ මූලධර්ම සහ ජාත්‍යන්තර සබඳතා පාලනය කරන මූලික සම්මතයන් ආරක්ෂා කිරීම, ස්වෛරී සමානාත්මතාවයේ මූලධර්මය ආරක්ෂා කිරීම සහ ජාත්‍යන්තර සාධාරණත්වය සහ යුක්තිය ආරක්ෂා කිරීම සඳහා ඉරානය ඇතුළු සියලු පාර්ශ්වයන් සමඟ සන්නිවේදනය සහ සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව ද චීනයේ නියෝජ්‍ය විදේශ ඇමැති මියාඕ බවසා තිබේ.

Follow by Email
LinkedIn
Share
WhatsApp