Impartial news reporting for a stronger democratic society
ඉරාන ඉස්ලාමීය විප්ලවීය හමුදාවේ මාධ්‍ය ප්‍රකාශක මිසයිල ප්‍රහාරයකින් මරුට

ඉරාන ඉස්ලාමීය විප්ලවීය හමුදාවේ (IRGC) මාධ්‍ය ප්‍රකාශක සහ මහජන සම්බන්ධතා පිළිබඳ නියෝජ්‍ය ප්‍රධානී අලි මොහොමඩ් නයිනි (Ali Mohammad Naini), අමෙරිකාව සහ ඊශ්‍රායලය එල්ල කළ ඒකාබද්ධ ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව අල් ජසීරා ප්‍රවෘත්ති සේවය සඳහාන් කරයි.

2024 වසරේ සිට IRGC ප්‍රකාශකයා ලෙස කටයුතු කළ නයිනි, මෙම ප්‍රහාරයෙන් “ වීරයකු ලෙස මියගිය ” (Martyred) බව ඉරාන ආරක්ෂක අංශ නිවේදනය කැර ඇත.

මැදපෙරදිග කලාපයේ පවතින දරුණු යුදමය වාතාවරණය හමුවේ ඉරාන හමුදා නායකත්වය ඉලක්ක කැර ගනිමින් එල්ල වූ මෙම ප්‍රහාරය, දෙපාර්ශ්වය අතර පවතින ගැටුම් තවදුරටත් උග්‍ර වීමට හේතු වනු ඇතැයි විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

මෙම ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් ඉරානය විසින් කලාපයේ අනෙකුත් බලශක්ති යටිතල පහසුකම් වෙත ප්‍රහාර එල්ල කරන බවට අනතුරු අඟවා ඇති අතර, දැනටමත් කුවේටයේ සහ කටාර්හි තෙල් හා ගෑස් මධ්‍යස්ථාන වෙත එල්ල වී ඇති ප්‍රහාර මෙහි ප්‍රතිඵලයක් බව වාර්තා වේ.

Follow by Email
LinkedIn
Share
WhatsApp